ලොව ජනප්‍රිය අයිස්ක්‍රීම් රස අතරට කෙසෙල්

අයිස්ක්‍රීම් කියන්නේ පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කාගේත් සිත් දිනාගත් රසවත් අතුරුපසක්. උණුසුම් දවසක සිසිලස විඳින්නට වගේම සතුටු අවස්ථාවක් තවත් රසවත් කරගන්නටත් අයිස්ක්‍රීම්වලට පුළුවන්. ලෝකයේ විවිධ රටවල විවිධ රසවලින් නිර්මාණය වන අයිස්ක්‍රීම් අතර කෙසෙල් රසැති අයිස්ක්‍රීම්වලටත් හිමිවන්නේ සුවිශේෂී තැනක්.

හොඳින් ඉදුණු කෙසෙල්, කිරි සහ ක්‍රීම් එක්කර සකස් කරන මෙම අයිස්ක්‍රීම්වලට කෙසෙල්වල ස්වභාවික පැණි රසයත් ක්‍රීම්වල මෘදු බවත් එක්වීම නිසා ලැබෙන්නේ අපූරු රසයකි. අවශ්‍යතාව අනුව වෙනත් රසකාරක සහ අමුද්‍රව්‍ය එක් කිරීමෙන් එහි රසය තවත් වැඩි කරගත හැකියි.

කෙසෙල් යොදාගෙන නිර්මාණය කරන රසවත් අතුරුපස අතර ඇමෙරිකාවේ ජනප්‍රිය *Banana Split* විශේෂ තැනක් ගනී. දිගට දෙකට පළාගත් කෙසෙල් ගෙඩියක් අතරට අයිස්ක්‍රීම් හැඳි කිහිපයක් එක්කර, චොකලට් සෝස්, චෙරි, ඇට වර්ග සහ විප්ඩ් ක්‍රීම්වලින් සරසන මෙම අතුරුපස දකින විටත් රස විඳින්නට සිතෙන තරම් ආකර්ෂණීයයි.

සරල කෙසෙල් රසයේ සිට විවිධ අමුද්‍රව්‍ය එක්කර නිර්මාණය කරන අතුරුපස දක්වා විහිදෙන කෙසෙල් අයිස්ක්‍රීම්, රසවත් අතුරුපසකට කැමති ඕනෑම අයෙකුට අලුත් රස අත්දැකීමක් ලබාගැනීමට හොඳ තේරීමකි.

අශන්ති වරුණසූරිය 

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක් Read Previous

දිගු කලක් නිරෝගීව ජීවත් වෙන්න ආහාර පුරුදු තුනක්

සාහිත්‍යය, කලාව හා ජීවිතය Read Next

සාහිත්‍යය, කලාව හා ජීවිතය

Realted Post

Leave a comment