අවුරුදු දා පවුලේ කෑම මේසය

අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්. නිදහසක් නැතිව තැන් තැන්වල නතරවෙලා විවිධ කටයුතුවල නිරතවෙලා සිටි දූ පුතුන්, මවුපියන් හා එක්ව එකම කෑම මේසයක සතුට බෙදාගන්න මේ කාලයේ ගෙදර ගෘහිණියට වැඩි වගකීම් කොටසක් පැවරෙනවා. ඒ නිසාම මේ උත්සව සමයේ පවුලේ හැමෝටම එකට එකතුවෙලා අඩු වියදමකින් පහසුවෙන්ම පිළියෙල කරගන්න පුළුවන් රසවත් කෑමවෙලක් ගැනයි මේ කියන්න සූදානම.

 

අවුරුදු කෑම මේසයට සේවරි බත් එක්ක ග්‍රීන් සෝස් මුසු වූ ක්‍රිස්පි චිකන් සහ පැපොල් සලාදයක් සමග එයටම ගැළපෙන රසවත් අතුරුපසක් සූදානම් කරමු.


සේවරි රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී සහල් කිලෝ 1ක්

උපදෙස් සූපවේදී 
සුරංජිත් රත්නකුමාර

බිම් මල් ග්‍රෑම් 20
ග්‍රීන්පීස් ග්‍රෑම් 20
කජු ග්‍රෑම් 30
කැරට් ග්‍රෑම් 30
බෝංචි ග්‍රෑම් 30
ග්‍රීන් චිලී ග්‍රෑම් 20
ලූනු කොළ ග්‍රෑම් 30
සුදු ලූනු බික් කිහිපයක්
ලොකු ලූණු ගෙඩි දෙකක්
තක්කාලී ගෙඩි තුනක්
කරදමුංගු, කරාබුනැටි, එනසාල්, කුරුඳුපොතු, කුඩා ප්‍රමාණයෙන්
බටර් ග්‍රෑම් 50 ක් 


සාදන ක්‍රමය
සියලුම එළවළු වර්ග කොටු හැඩයට කපාගෙන වෙන වෙනම තබාගන්න. 
බාස්මතී බත වෙනම පිසගන්න. ඉන්පසු බත ෆ්‍රයිඩ් කිරීමට සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් එකතු කරන්න. බටර් රත්වීගෙන එන විට එයට කරදමුංගු, කරාබු නැටි, එනසාල්, කුරුඳුපොතු, සුදුලූනු, ලුණු එකතු කර බැදෙන විට සීනි තේ හැදි එකක්, ලුණු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු මේස හැන්දක්, කහ ස්වල්පයක්, එක්කර පසුව තක්කාලි සමග ලූනු කොළ හැර අනෙක් සියලුම එළවළු සහ රටකජු, එක්කර බැදෙන්නට හරින්න. අවසානයට කලින් පිසගත් බත් එක මිශ්‍රණයට එක්කර හොඳින් ෆ්‍රයිඩ් කරගන්න. පසුව බත් එක ලිපෙන් බා ගත් පසුව කුඩාවට කැපූ ලූනු කොළ එකතු කරන්න.


 

 

ක්‍රිස්පි චිකන් විත් ග්‍රීන් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 400 ක්
කෝන්ෆ්ලවර් ග්‍රෑම් 200 ක්
සුදුලූනු ග්‍රෑම් 100 ක්
බිත්තර 2 ක්
ඉඟුරු ග්‍රෑම් 100 ක් 
නයිමිරිස් ග්‍රෑම් 50 ක්
චීස් ග්‍රෑම් 100 ක්
ෆ්‍රෙෂ් මිල්ක් මි.ලී 150 ක් 
බටර් ග්‍රෑම් 50 ක්
රස අනුව ලුණු


සාදන ක්‍රමය
මුලින්ම කුකු`ඵ මස් ටිකට ලුණු, ගම්මිරිස්, මස්ටඩ් ක්‍රීම් ටිකක් එකතු කරගෙන විනාඩි 20ක් පමණ සීසන් කරගන්න. පසුව බිත්තර දෙක හොඳින් ගසාගෙන චිකන් එකට එකතු කරගන්න. බිත්තරවල දවටාගත් චිකන් කෑලි කෝන්ෆ්ලවර්වල හොඳින් දවටාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. 

 


ග්‍රීන් ක්‍රීමි සෝස් එක සාදා ගැනීම
 පළමුවෙන් බටර් සමග සුදුලූනු, ඉඟුරු එකතු කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරන්න. පසුව එයට චීස්, ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර නැවත බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු නයි මිරිස් දමා නැවතත් බ්ලෙන්ඩ් කර උකුවට සෝස් එක සාදාගන්න. උකු ගතිය අඩු නම් කෝන්ෆ්ලවර් ස්වල්පයක් එකතු කර ක්‍රිස්පි චිකන් සමග රස බලන්න.


 

අතුරුපසට මැංගෝ පැනාකොටා

අවශ්‍ය ද්‍රව්‍ය
ෆ්‍රෙෂ් මිල්ක් මි.ලී 800 ක්
සීනි ග්‍රෑම් 300 ක් 
ජෙලටීන් ග්‍රෑම් 20 ක් 
ඉදුණු නැවුම් අඹ ගෙඩි දෙකක්


සාදන ක්‍රමය
පළමුවෙන් භාජනයක් ලිප මත තබා රත් කරගන්න. එය රත්වන විට සීනි එකතු කර දිය වූ පසු හොඳින් බ්ලෙන්ඩ් කරගත් අඹ ගෙඩි දෙක එයටම එකතු කරන්න. තරමක් උකුවන විට ජෙලටින් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. පසුව නිවෙන්නට හැර චොක්ලට් හෝ ස්ට්‍රෝබෙරි එකතු කර සරසා ගන්න.


 

පැපායා සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
කොච්චි මිරිස් ග්‍රෑම් 20 ක්
හකුරු ග්‍රෑම් 30 ක්
සුදුලූණු බික් 3 ක්
ෆිෂ් සෝස් මේස හැදි 4 ක්
දෙහි ගෙඩි දෙකක යුෂ 
රටකජු ග්‍රෑම් 200 ක්
සලාද කොළ
හොඳින් පැසුණු පැපොල් ගෙඩියක්


සාදාගන්නා අන්දම
මුලින්ම පැපොල් ගෙඩිය පොතු හැර කුඩා රැල් වශයෙන් ග්‍රේට් කරගන්න. මීළඟට කුඩා වංගෙඩියක් අවශ්‍ය වේ. පළමුවෙන් වංගෙඩියට සුදුලූනු, කොච්චි, හකුරු දමා කොටාගන්න. ඉන්පසු මාළු සෝස් සහ දෙහි යුෂ කොටාගත් තලපයට එකතු කර එයට ග්‍රේට් කරගත් ගස්ලබු එකතු කරන්න. අවසානයට සලාද කොළ ඇතිරූ පැතලි බඳුනකට සලාදය දමන්න.

  නයනා උදයංගනී   

 
           

 

      

  

 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment