චිකන් රසට පොලොස් වෑංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් පොලොස් ග්‍රෑම් 300ක්
  • මස් කරි කුඩු මේස හැඳි 3 ක්
  • ගම්මිරිස් මේස හැන්දක්
  • මිරිස් කුඩු තේ හැඳි 2 ක්
  • කහ කුඩු තේ හැඳි 1 ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 ක්
  • කරපිංචා මිටක්
  • ඉඟුරු සුදුලුනු පේස්ට් මේස හැන්දක්
  • ලියාගත් ලූනු ගෙඩියක්
  • සේර දඬු 2 ක්
  • මිටි පොල් කිරි අඩු කෝප්පයක්
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්

සාදාගන්නා ආකාරය

තෙල් ස්වල්පයක් රත් කර එයට බිලූනු, කරපිංචා, ඉඟුරු, සුදුලූනු පේස්ට් දමා තෙම්පරාදු කරගන්න. දැන් එයට මස් කරි, මිරිස් කුඩු, ගම්මිරිස් ලුණු එකතු කර හොඳින් තෙම්පරාදු කරන්න. දැන් එයට පොලොස් එක්කර හොඳින් කවලම් කරන්න . දැන් එයට තක්කාලි එකතු කර වතුර යන්තමින් දමන්න. මිනිත්තු 10 ක් පමණ තැම්බෙන්න හැර එයට පොල්කිරි එකතු කරන්න.

උපදෙස් - සූපවේදී භානු මිගාර 

ඉශංකා ජයසූරිය 

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක් Read Previous

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක්

නව පාප් තුමා 14 වැනි ලියෝ Read Next

නව පාප් තුමා 14 වැනි ලියෝ

Realted Post

Leave a comment