තක්කාලි ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තක්කාලි 500g

  • සිහින්ව කපා ගත් ළූණු ගෙඩි 2

  • සිහින්ව කපා ගත් සුදු ළූණු බික් 5

  • මාගරින් තේ හැඳි 3

  • ගම්මිරිස් කුඩු (රස අනුව)

  • බේ කොළ 3 (Bay Leaves)

  • ලුණු කුඩු (රස අනුව)

  • එළවළු තම්බා ගත් වතුර 400ml (Vegetable stock)

  • සිහින්ව කපා ගත් පාස්ලි 20g

  • පාන් පෙති 4

  • පාන් පිටි තේ හැඳි 5

  • අලුත් බේසිල් කොළ

සාදන ආකාරය:

  1. මුලින්ම තක්කාලි සෝදා පිරිසිදු කර ගන්න. ඉන්පසු තක්කාලි උණු වතුරේ විනාඩි කිහිපයක් තම්බා ගන්න (Blanch).

  2. තම්බා ගත් තක්කාලිවල ඇට සහ පොතු ඉවත් කර, කුඩා කැබලිවලට කපා ගන්න.

  3. භාජනයක් ළිප මත තබා එයට මාගරින් එකතු කරන්න. මාගරින් රත් වූ පසු එයට සිහින්ව කපා ගත් ළූණු, සුදු ළූණු, බේ කොළ සහ ඔරෙගනෝ එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න.

  4. ඉන්පසු එයට පාන් පිටි ස්වල්පය එකතු කර ගන්න.

  5. දැන් එයට පොතු සහ ඇට ඉවත් කර ගත් තක්කාලි කැබලි එකතු කරන්න. විනාඩි කිහිපයක් පිසෙන්නට හැර, එළවළු තම්බා ගත් වතුර (Vegetable stock) ස්වල්පයක් එකතු කර මද ගින්නේ තබන්න.

  6. පසුව එය ළිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.

  7. නිවුණු පසු බ්ලෙන්ඩරයක් භාවිතයෙන් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.

  8. ඉන්පසු එය නැවත බඳුනකට දමා රස අනුව ගම්මිරිස් සහ ලුණු කුඩු එක් කරන්න.

  9. පාන් පෙති කොටු කපා තෙලෙන් බැද ගන්න (Croutons).

  10. පිළිගන්වන සුප් කෝප්පයට උඩින් බැදගත් පාන් පෙති සහ බේසිල් කොළ දමා උණුවෙන්ම පිළිගන්වන්න.

සටහන: කසුනි විජේසිංහ

තක්කාලි ක්‍රීම් සුප් Read Previous

තක්කාලි ක්‍රීම් සුප්

මිනිස්කම ප්‍රශ්න කළ ඇත් රජුගේ සමුගැනීම Read Next

මිනිස්කම ප්‍රශ්න කළ ඇත් රජුගේ සමුගැනීම

Realted Post

Leave a comment