අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට රජය බැදී සිටිනවා

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කරන්න රජය බැඳි සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය පැවසුවාය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානික්‍යම් රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් ක⁣ළා ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසී ය. 

 

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කරන්න රජය බැඳි සිටිනවා. නමුත්  අපිට පුද්ගලිකව ගිහින් මේ පරීක්ෂණ කරන්න පුළුවන් කමක් නැහැ. නීත්‍යානුකූලව, ආයතනික වශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ  යුතුයි. 

 පසුගිය කාලයේ තිබූ  ආයතනික අසාර්ථකත්වය, පද්ධතිමය අසාර්ථකත්වය තමයි මේ දේවල් ප්‍රමාද වෙන්න  මුලින්ම හේතු වුණේ. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

 ජනප්‍රිය වෙන්න නෙවෙයි, මේ දේවල් නැවත සිදු නොවන බවට සහතික වෙන්න අවශ්‍ය ආයතන සහ වටපිටාව සකස් කරන්න වගේම පවතින අසාධාරණකම් ගැන සොයා බලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කළ යුතුයි. 

සහන සැලසීමේ කාර්යාලය සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැත්තේ මෙම ආයතන නමින් පමණක් පිහිටුවලා  තිබීම නිසයි.  ප්‍රමාණවත් ලෙස ශක්තිමත් නොවීම සහ  අසාර්ථකභාවය තිබිම නිසයි. 

ඉතින් මේක තමයි පහුගිය කාලේ වුණේ, මේක තමයි අපි නිවැරදි කරන්න හදන්නේ. නිවැරදි පුද්ගලයින් මෙම ස්ථානවල සිටින බවටත්, සම්පත් ප්‍රමාණවත් ලෙස වෙන් කර ඇති බවටත්, මෙම ආයතනවලට ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ හැකි බවටත් වග බලා ගන්න ඕන. 

අතුරුදහන් වූවන් පිළිබඳ තවමත් නඩු තියනවා. මේවා පසුගිය වසර 16ක කාලය තුළ විභාග වෙමින් පවතින නඩු. ඒක ලේසි නෑ. එය පහසු නැහැ, නමුත් යුක්තිය සහතික කිරීමට අපි කැපවී කටයුතු කරනවා.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය මේ වන විට අනුමැතිය ලබා දී තිබෙන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මාතලේ නිදහස් උළෙල අභිමානවත්ව සමරයි... Read Previous

මාතලේ නිදහස් උළෙල අභිමානවත්ව සමරයි...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි Read Next

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි

Realted Post

Leave a comment