දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ

Archery නොහොත්  දුනු ශිල්පය රජ කාලයේ සිට පැවත එන විශේෂිත වූ ශිල්ප ක්‍රමයකි. රජ කාලයේ සිට ආදි  වාසීන් දක්වා ප්‍රබලව පැවත ආ මෙම ශිල්පය නූතන සමාජය තුළ  කෙමෙන් කෙමෙන් නැතිවී යමින් තිබුණද  අද වන විට දුනු ශිල්පය නැවත කරළියට පැමිණ තිබේ. එය බොහෝ පාසල් දරුවන් අතර  ප්‍රචලිත ක්‍රීඩාවක් බවට පත් වී තිබේ. මෙම ක්‍රීඩාව පාසල් දරුවන්ට මෙන්ම වයස් භේදයකින් තොරව පුරුදු පුහුණු කරමින් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ ප්‍රයන්තයක  යෙදෙන ආයතන බොහෝ තිබේ.  එවැනි එක් ආයතනයක පුහුණුකරුවෙකු හා  ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු  දුනු ශිල්පය පිළිබඳ  ඔවුන්ගේ අදහස් අප හා පැවසුවේ මෙසේය. 

 

පහසුවෙන්ම ජාත්‍යන්තරයටයන්න පුළුවන්

  • ගයන්ත නිමේෂාන් (පුහුණුකරු)

මම ජාතික පුහුණුකරු සමන්ත රාජපක්ෂ මහතා යටතේ පුහුණුව ලබපු ක්‍රීඩකයෙක්.  දැනට වසර 10ක සිට  දුනු ශිල්ප  පුහුණු කරුවෙකු ලෙස  කටයුතු කරනවා.  දැනට කාන්තා පාසල් කිහිපයක මෙම ක්‍රීඩාව  ගෘහස්ථ  ක්‍රීඩාවක් ලෙස පුහුණුකරනවා. මෙම ක්‍රීඩාව තුළින්  මානසික ආතතිය  නැතිවෙනවා. ඒ වගේම  සෑම වැඩකදීම අවධානය තිබීම  මෙම ක්‍රීඩාවේ වැදගත්  ප්‍රතිඵලයක්.  මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට යෑමට  පහසුම ක්‍රීඩාවක්.  මේ වන විට  වැඩි වශයෙන්  කාන්තා  පාර්ශ්වයේ දායකත්වයක්  පෙන්නුම් කරනවා. ඒ වගේම ගැහැනු  දරුවන්ට අපහසුවකින් තොරව කරන්න පුළුවන් ක්‍රීඩාවක්. වයස් සීමාවකින් තොරව  මෙම ක්‍රීඩාව කරන්න පුළුවන්. ලංකාවේ ඉදිරියේදී මෙම ක්‍රීඩාවට හොඳ අනාගතයක් තිබෙනවා. ඒවගේම මෙම ක්‍රීඩාව සඳහා ලොකු තරගකාරීත්වයක් නැහැ. ලෙහෙසියෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම ආයතනය දකුණු ආසියාතික තරග සඳහා ඉදිරිපත් වී තිබෙනවා. කාර්යබහුල ජීවිතයක් සමග  කාලය ගත කරන පුද්ගලයින්ට  කාලය කළමනාකරණය  කරගනිමින්  කළ හැකි ක්‍රීඩාවක්.  මගේ ඉදිරියේ බලාපොරොත්තුව නම්  මෙම ක්‍රීඩාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරමින්  මගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  හොඳ පුහුණුවක් ලබා දෙමින්  ජාත්‍යන්තර මට්ටමේ තරග වලට සහභාගි වෙමින්  ජයග්‍රහණ ලබා ගැනීමයි.


මානසික ආතතියට හොඳ බෙහෙතක්

  • මනේකා ලියනගේ

මම දැනට  IT ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඒ අතර  මේ ක්‍රීඩාව සඳහා පුහුණුවීම්  කරනවා. මම පාසල් කාලයේ සිට  ක්‍රීඩාව සඳහා යොමුවී තිබුණත්  මෙම ක්‍රීඩාව  වෙනස්ම ආකාරයේ දෙයක්. මෙම ක්‍රීඩාවෙන් අපේ මනසේ ආතතිය  නැති කරනවා. ඒ වගේම  ශරීර ශක්තිය වැඩි දියුණු කරනවා. මේ ක්‍රීඩාව සඳහා අපේ ශරීර ශක්තිය බලපානවා. එ් දුනු  ඊතල  භාවිතය සිදු කරන නිසයි.  දුනු ඊතල නිසියාකාරව  තබාගෙන  ක්‍රීඩා කිරීමට  අපේ  ශරීරයේ ශක්තිය ප්‍රයෝජනවත් වෙනවා. මෙම ක්‍රීඩාවේ  ටෙක්නික් එක  හරියටම දැන ගත්තා නම්  මෙයින් ඉදිරියටම යන්න පුළුවන්. ඒ වගේම අපේ කාර්යබහුල ජීවිතයත් සමග මෙවැනි ක්‍රීඩාවකට යොමුවීම  ඉතාම වැදගත්.  ඒවගේම  අපි ප්‍රශ්න කරදර වලින්  සිටින වෙලාවකදී මනස නිරවුල් කරගන්න  මෙය හොඳම ක්‍රීඩාවක්.  මම කැමතියි ඉදිරියේදී  හොඳින් පුහුණු  වී ජාත්‍යන්තර  තරගවලට සහභාගී වෙන්න


ඉස්සරට වඩා දැන් ඉගෙනීමට උනන්දුයි

  • අයානා රසීනා

මම  මෙතෝදිස්ත විද්‍යාලයේ  7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. 2022  වර්ෂයේදී මෙම ක්‍රීඩාව සඳහා යොමුවෙනවා. මම මේ ක්‍රීඩාව තෝරාගන්න හේතුව මගේ වැඩ කටයුතු වලට තිබෙන අවධානය සහ ඉවසීම හොඳින් ප්‍රගුණ කරගත හැකිවීමයි. ඒ වගේම අධ්‍යාපනය සඳහාද හොඳ අවධානයකින් කටයුතු කළ හැකියි.  මම දැන් ඉස්සරට වඩා අධ්‍යාපනය  පැත්තෙන් දියුණු වී තිබෙනවා.  දුනු ඊතල  සමඟ  සිදු කරන මෙම ක්‍රීඩා පුහුණුව  හරිම විනෝදජනකයි.  මගේ ඉදිරි බලාපොරොත්තුව හොඳින්  පුහුණුවීම් වලින් ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් වී  ජයග්‍රහණය ලබා ගැනීමයි.


සිරුරත් ශක්තිමත් වෙනවා

  • අයාරා හෙට්ටිගේ 

මෙතෝදිස්ත  විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මම  මෙම ක්‍රීඩාවට ගොඩක් කැමතියි. මෙම ක්‍රීඩාව පුහුණුවීම් ආරම්භ කළේ මට වයස අවුරුදු හතරේදි.  මේ තුළින් අපිට ගොඩාක් ප්‍රයෝජන ලැබෙනවා.  අපගේ  එදිනෙදා ජීවිතයේදී  අධ්‍යාපන කටයුතුවලදී   දිය හැකි අවධානය  නිසියාකාරව දීමට හැකියාව ලැබෙනවා.  හොඳ ශක්තියක් ලැබෙනවා.  ඉදිරියේදී  තව තවත්  හොඳින් මෙම ක්‍රීඩාව  පුරුදු  පුහුණුවී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.


ඔලිම්පික් යන්න තමයි හිත

  • හෙලේනා රොඩ්‍රිගො

මම මෙතදිස්ත විද්‍යාලයේ  7 ශ්‍රේණියේ   ඉගෙනුම ලබනවා. මෙම ක්‍රීඩාව ගැහැනු දරුවන් සඳහා  ගොඩක් වැදගත්.  මෙම ක්‍රීඩාව  අප තුළ  ශක්තිමත්භාවය ඇති කරනවා. මගේ ඉදිරි බලාපොරොත්තුව හොඳින් පුරුදු පුහුණුවී ඉදි ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් වී  ජයග්‍රහණය ලබා ගැනීමයි.


ප්‍රශ්න අමතක වෙනවා  ඉවසීම ඇතිවෙනවා

  • ආශිකා අසත් 

 මම මෙතෝදිස්ත විද්‍යාලයේ  7 ශ්‍රේණියේ   ඉගෙනුම ලබනවා. පොඩි කාලයේ සිටම මම  මෙම ක්‍රීඩාවට ගොඩාක් කැමතියි. මම ජාතික තරගවලින් ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ඒ වගේම අන්තර් පාසල තව තරගවලින්ද  ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.මෙම ක්‍රීඩාවෙන්  ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා. මෙම ක්‍රීඩාවෙන්  ඔලිම්පික්  තරග  බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වන විට ඒ සඳහා පුහුණුවෙමින්  සිටිනවා. මෙම ක්‍රීඩාව පුහුණුවෙන්නෙ ලොකු සතුටකින්. අපිට තිබෙන ප්‍රශ්න හැම දෙයක්ම අමතක වෙනවා.  පුළුවන් හැම කෙනෙක්ම  මම ක්‍රීඩාව තෝරා ගන්නවා නම් හොඳයි.


කාර්යබහුල ජීවිතයට හොඳ සහනයක්

  • ස‌ඳලි ප්‍රනාන්දු

මම මගේම ව්‍යාපාරයක් කරන අතර  අධ්‍යාපන කටයුතුද සිදු කරනවා.  මගේ කාර්යබහුල ජීවිතයක් සමග මම ක්‍රීඩාවට නැඹුරු වීම නිසා මගේ මනසට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම ජීවිතයේ පැමිණෙන ප්‍රශ්නවලට ධෛර්යයෙන් මුහුණ දීමට ඉඩකඩ සැලසෙනවා. මෙම ක්‍රීඩාවෙන් අපිට ගොඩක්  ප්‍රතිලාභ ලැබෙනවා. 

pic -  Rushiru Colambathanthrige 

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි Read Previous

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

ජනප්‍රිය නිළියක් රළ පහරට අසු වී මිය යයි Read Next

ජනප්‍රිය නිළියක් රළ පහරට අසු වී මිය යයි

Realted Post

Leave a comment