රඟපෑමට වඩා කැමති තාක්ෂණයට - Megha sooriyaarachchi

අද කතා බහ තරුණ  අධ්‍යක්ෂකවරයෙක් වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේඝ   සූරියආරච්චි සමගයි .

  • මේඝ  කොහොමද මේ දවස්වල?

මන්දාරා චිත්‍රපටිය  තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පූර්ව ප්‍රචාරක කටයුතුත් සමග කාර්යබහුලයි. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක  පසු නිෂ්පාදන කටයුතුවලත් යෙදී සිටිනවා. 

  • වෘත්තිය විදියටම රංගනය තෝරා ගත්තද? 

නැහැ..  මම කැමති සිනමාවේ තාක්ෂණික පැත්තට සහ ඒ දැනුම බෙදාගන්න. ඒ නිසා ඒ අංශයෙන් වෘත්තීය තෝරාගත්තා.  සෑම විටම උත්සාහ කරන්නේ නිර්මාණ තෝරා බේරා ගෙන රංගනයට දායකවෙන්නයි. 

  • මන්දාරා චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

විශ්ව කියන චරිතය මට ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටයේ  විශ්ව කියන චරිතය කාලවකවානු දෙකක රංගනයන් ඉදිරිපත් කිරීමට තිබෙනවා. එය මට අභියෝගයක් වුණා. නමුත් මට ප්‍රියංත කොළඹගේ අධ්‍යෂකවරයා යටතේ විශ්වට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියා මා සිතනවා. ඉදිරියේදි ප්‍රේක්ෂයා විසින් එය තීරණය කරයි

  • ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

 වගේම  මන්දාරා චිත්‍රපටියේ ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන්ගෙන් මට ලොකු  සහයෝගයක් ලැබුණ.  ප්‍රවීණයන් සමග නිර්මාණවලට දායක වීමට ලැබීම  මට ලොකු භාග්‍යයක්.

  • ඔබගේ කලා ජීවිතයට  පියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද? 

මගේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු. තාත්තා කපිල සූරියආරච්චි. ඔහු කලාවට සම්බන්ධයි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔවුන් දෙදෙනා කවදාවත් බලපෑම් කරලා නැහැ මේ දේවල් කරන්න ඕනෑ කියලා. නමුත් තාත්තා කලා කටයුතු වලට දුන්නු දායකත්වය නිසා මමත් ඒ අංශයෙන්ම ඉදිරියට ආවා  යැයි සිතනවා. මගේ කලා ජීවිතයට තාත්තා මහත් රුකුලක් වුණා. නමුත් මම  කලා ක්ෂේත්‍රයේ රැඳී පවතින්නේ  මගේ දක්ෂතාවලින් සහ මගේම නිර්මාණ හැකියාවෙන්. 

  • ලංකාවේ සිනමාව කර්මාන්තයක් තරම් දියුණුයි කියලා ඔබ සිතනවද?

රටක සිනමාව කර්මාන්තයක් විය යුතුයි. නමුත් ලංකාවේ සිනමාව කර්මාන්තයක් වෙමින් පවතිනවා. කර්මාන්තයක් වීමට නම් රාජ්‍ය මැදිහත්වීමත් සමගම නිර්මාණකරණයේදී වෙනස් වීම් ඇතිවිය යුතුයි. සිනමාව කර්මාන්තයක් කිරීමට උත්සාහ කිරීම ගොඩක් හොඳයි. ලංකාවේ සිනමාව අනිවාර්යෙන් කර්මාන්තයක් විය යුතුයි.

  • ඉදිරි කටයුතු කොහොමද? 

 නිර්මානකරණය සහ අධ්‍යක්ෂණය කියන කාරණා පෙරදැරි කරගෙන ගුණාත්මක නිර්මාණ  කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම මා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්  ඉදිරියේදී  තිරගතවීමට නියමිතයි. ඒ අතරතුර තෝරා බේරගත් නිර්මාණවලටද රංගනයෙන්  දායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු. Read Previous

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් Read Next

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන්

Realted Post

Leave a comment