ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදන හෙට (25) අලුයම 2.30 දක්වා වූ කාලය සඳහා බලපැවැත්වේ.මේ වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර සහ තවදුරටත් වර්ෂාපතනය ලැබෙමින් පවතී.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර, නිල්වලා ගංඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ද ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ්, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරුඇඟවීම් නිකුත් කර ඇත.

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද? Read Previous

බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Next

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Realted Post

Leave a comment