වයස කියන්නේ ඉලක්කමක් විතරයි - මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ

මම කසාද බැඳලත් නෑ. සල්ලි හම්බකරලත් නෑ. කලාව වෙනුවෙන් හැමදේම කළා. මේවා කවුරු හරි කෙනෙක් කරන්න ඕනෑ. නැත්නම් මේවා විනාශ වෙලා යයි. මම කලාවට හරි ආදරෙයි.....

කලාවෙහි නියම රසය දන්නේ එය සැබැවින්ම රස විඳින තැනැත්තායි.

කිසියම් කලාවක් ප්‍රාසාංගික වීමට නම් සජීවී ප්‍රේක්ෂකයෙක් සිටිය යුතුමයි. ප්‍රේක්ෂකයා සහ කලාව කරන්නා අතර ගොඩ නැගෙන අපූරු සබඳතාව කලා නිර්මාණයෙහි සාර්ථකත්වයට බලපාන්නේ ය. එලෙස නර්තනමය අවස්ථාවක සජීවී ප්‍රේක්ෂිකාවකගේ භූමිකාවේ සිටි කාන්තාවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා කතා බහ කළ අයුරු සහ ඇතැමුන් හාස්‍යයට ලක් කළ අයුරු දැකගන්නට ලැබුණි. බෙර වාදන නද දෙසවන් වැකෙන විට ඇගේ ගතෙහි උපන් ජවසම්පන්න බව කොතෙක්ද යන වග සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝ පට තුළින් ඔබ දකින්නට ඇත.


නර්තන අවස්ථාවකදී බෙරවාදන ශිල්පීන්, නැට්ටුවන් සහ ප්‍රේක්ෂකයන් අතර හොඳ සන්නිවේදනයක් තියෙන්න ඕන මට දැනුණු අසීමිත සතුට මම ප්‍රකාශ කරපු විදිය ඒ.. අපේ තනතුරු බලපාන්නේ රාජකාරියට විතරයි, කලාවක් රස විඳින්න ඒක කිසිදු බාධාවක් නෙවෙයි. මම එහෙම නර්තනය විඳින එකෙන් නර්තන ශිල්පීන්, බෙරවාදන ශිල්පීන් තවදුරටත් උද්දීපනය වෙනවා. ඒක නර්තනයේ සාර්ථකත්වයට බලපානවා.''

ඇය නමින් අමුණුගම වෛද්‍යවතී රාජපක්ෂයි. ශ්‍රී ලංකාවේ පාරම්පරික ගුරු කුලයකින් පැවත එන ප්‍රථම නර්තන මහාචාර්ය වරිය ඇයයි. අමුණුගම ග්‍රාමයේ උපත ලැබූ අමුණුගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අනතුරුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් සහ මහාමායා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු හැදෑරුවාය. නර්තනය පිළිබඳව ඇයට මෙතරම් ඇල්මක්. ආශාවක් ඇති වුයේ සිය පවුල් වටපිටාවෙන් ලද ආභාසය තුළින් වීම සතුටට කරුණකි.

 

සිරිකත පුවත්පත ඇසුරින්

 

 

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment