උත්සාහය කැපකිරීම තියෙනවානම් දෛවය වෙනස් කරන්න පුළුවන්

හුඟක්දෙනා මගේ වාහනේ ගැන කතා කළාට දිනපු කිරුළ ගැන කතා කළේ නෑ

නිරූපණ ශිල්පිනියක් වෙන්න ලස්සන තිබුණට මදි

නිරුපණය නිසා ගුවන් යානා ඉංජිනේරු රැකියාව අතහැරුණා

නිරූපණයට එන්නේ විවාහයෙන් පස්සේ


මම පුංචි කාලේ ඉඳලාම වෙනස් විදියට හිතපු කෙනෙක්. ඒත් ගැහැනු ළමයෙක් කියන්නේ සංස්කෘතික රාමුවක් ඇතුළෙ හිර කරලා තියෙන ජීවි වස්තුවක්. අපිව සමාජයට  ඕනෙ විදියට හැඩගස්සවනවා. නමුත් මම පොඩි කාලේ ඉඳලා ඒ දේ අනුමත කළේ නැහැ.

ඇය විවාහක රූ රැජිනකි. නිරූපිකාවකි, බිරිඳකි, මවකි. ඒවාගේම ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ගුවන් සේවිකාවකිි. කාන්තාවක් ලෙස ඇය ජීවිතයේ බොහෝ දේවල් දිනාගත් ගැහැනියකි. සමාජය තුළ ඉතාමත් දුක්මහන්සියෙන්් ඉඩක් හදාගත් ඇය ත‍්‍රිකලා ධරිණි කළුබෝවිලයි.
Mrs Sri lanka for Mrs universe තරගාවලියේ විවාහක රූ රැජින ලෙස කිරුළු දැරූ ඇය මේ වන විට නිරූපණය පිළිබඳ පාසලක්් ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නිරූපණ ක්ෂේත‍්‍රයේ හරි මාවත පෙන්වා දෙන නියමුවරියක්ද වී සිටින්නීය. මෙවර සිරිකත කවරය හැඩ කරන ඇගේ කතාවයි මේ.


ඇත්තටම ත‍්‍රිකලා ධරණි කියන්නේ කවුද?
මම හරිම කැමැතියි මම කවුද කියලා මගෙන්ම අහන එකට. මොකද අපි කවුද කියන එක ගොඩක් වෙලාවට තීරණය කරන්නේ වෙනත් අය. අවුරුදු 15 ක් ඉඳලා රැුකියා ගණනාවක් කරලා ක්ෂේත‍්‍ර ගණනාවක් ඉගෙනගෙන ජීවිතේ වයසට වඩා අත්දැකීම් අරගෙන මගේ අරමුණට ආපු කෙනෙක් මම. 2017 වර්ෂයේ විශ්ව විවාහක රූ රැුජිණ කිරුළ දිනාගන්න මට හැකියාව ලැබුණා. ලෝකයේ විශාලතම රූප රාජිනි තරගය තමයි universe  තරගය.  Mrs universe තරගයට ලංකාව නියෝජනය කරමින් ගිය පළමුකෙනා මම. ඒ කිරුළ මගේ රටට ගේන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.


ඒ සතුට ඇතුළෙ ඔබ කරපු කැපකිරීම සුවිශාලයි....
ඇත්තටම ඔව්. 2017 විවාහක රූ රැජිණ තරගයට ඉදිරිපත් වෙනකොට මට බබා ලැබිලා මාස 09 යි. Mrs universe කියන්නේ විවාහක කාන්තාවකට ලෝකේ යන්න පුළුවන් ඉහළම රූ රැජින තරගය. රටවල් 90 ක් මේ සඳහා සහභාගිි වුණා. දරුවෙක් ලැබුණාම  ඕනෑම අම්මා කෙනෙකුගේ ශරීරය වෙනස් වෙනවා. ඒත් මම වෙනස් වුණු ශරීරය යථා තත්ත්වයට පත් කර ගන්න කිසිම කෘත‍්‍රිම ඖෂධයක් භාවිතා කළේ නැහැ. විවාහක රූ රැජිණ කිරුළ හිමි කරගන්න මම හුඟක් මහන්සි වුණා. කැපකිරීම් කළා. ඒත් එක දෙයක් කියන්න  ඕනෑ. ඔටුන්නක් පැලඳූ පමණින් නිරූපිකාවක් රූ රැජිණක් වෙන්නේ නැහැ. වාත්තියේ වටිනාකම රකින්නේ නැත්නම්.


ඒ තරම් ජයග‍්‍රහණයක් රැගෙනත් සමාජය කතා නොකළ ඔබ ගැන කතාබහට ලක්වෙන්නේ ‘රේන්ජ් රෝවර්’ මෝටර් රථය සමග නේද?
වසර 2017 විශ්ව විවාහක රූ රැුජිණ කිරුළ ගෙනාවා කියලා කතා නොකරපු මිනිස්සු රෝස පාට රේන්ජ් රෝවර් මෝටර් රථය ගෙනාවට පස්සේ එකී නොකී බොහෝ කතා කිව්වා. කවුද මේ ත‍්‍රිකලා ධරණි කියලා. සමහරු කියලා තිබුණා ඔය වාහන ගත්තේ කුඩු සල්ලිවලින් කියලා. විවිධ ගොසිප් හැදුවා. මුල් දවස්වල සමහර මිනිස්සු කියන දේවල්වලට හිත රිදුනා. මිනිස්සු ඇයි මේ තරම් කුහක කියලා. මනුස්සයෙක් අමාරුවෙන් තැනකට ආවාම මෙහෙම මඩ ගහන්නේ ඇයි කියලා හිතුණා. මොකද ඒ වාහනේ ගත්තේ මම අවුරුදු ගණනක් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිවලින් මිසක් කවුරුත් පිනට දීපු සල්ලිවලින් නොවන නිසා. 


ඔබේ සාර්ථකත්වයේ අවිය මොකක්ද?
මම හීන පස්සේ දුවපු කෙනෙක්. මගේ ජීවිතේ එකම අවිය වුණේ ‘අරමුණ’. මම මගේ ජීවිතේ හැම වයසකදීම වැඩ කළේ අරමුණු වෙනුවෙන්. මට ඉලක්ක තිබුණා.
මම පුංචි කාලේ ඉඳලාම වෙනස් විදියට හිතපු කෙනෙක්. ඒත් ගැහැනු ළමයෙක් කියන්නේ සංස්කෘතික රාමුවක් ඇතුළෙ හිර කරලා තියෙන ජීවි වස්තුවක්. අපිව සමාජයට  ඕනෙ විදියට හැඩගස්සවනවා. නමුත් මම පොඩි කාලේ ඉඳලා ඒ දේ අනුමත කළේ නැහැ.
අපිට දියුණු වෙන්න බැරි, ලෝකයේ දියුණු තත්ත්වයට අපිට යන්න බැරි පුංචි කාලයේ පටන්්ම අපේ මානසික මට්ටම රාමු ගත කරලා මොට කරලා තියෙන නිසා.


නිරූපණය කරලා මෙච්චර මුදලක් හොයන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතන්්න පුළුවන් නේද?
මගේ පළමු රැකියාව ගුරු වාත්්තිය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉවර වෙලා ප‍්‍රතිඵල එනකම් මම ගෙවල් අවට දරුවන්ට ටියුෂන් කළා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දොස්තර කෙනෙක් වෙන්න මට මදි වුණේ පුංචි ලකුණු ප‍්‍රමාණයක්. දුක් වුණේ නැහැ. මාව විද්‍යා අංශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත්වුණත් මට  ඕනෑ වුණේ ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය හදාරන්න. ඒකත් මට තිබුණු හීනයක්. ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ඉගෙන ගනිද්දී ඒ පාඨමාලාවේ හිටියේ ගැහැනු ළමයි දෙන්නයි. ඒ පැත්තෙන් අධ්‍යාපනය හදාරන ගමන් මම ඒ කාලේ ටියුෂන් කළා. ඒ සල්ලි මම ඉතුරු කළා. අවුරුදු ගණනක්. මම මගේ ජීවිතේ අපල, වාසනාව, ප‍්‍රාතිහාර්ය විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ හිතේ විශ්වාසයයි. අධිෂ්ඨානයයි විතරයි. මම එක රැුයකින් පෝසත් වුණේ නැ.
මම උසස් අධ්‍යාපනය අවසන් කළ ගමන්ම වගේ විවාහ වුණා. ඔහු මට මුණ ගැහුණේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේදිමයි. විවාහයෙන් පස්සේ මම ගුවන් සේවිකා වෘත්තියෙන් ඉවත් වුණා. ඊට පස්සේ වසර ගණනක්ම පදිංචි වෙලා හිටියේ ඩුබායිවල. එහිදි තමයිි මට මුලින්ම මොඞ්ලින් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඩුබායිවලදී mom and dougther  කියලා ෆැෂන් ෂෝ එකෙන්් ජයග‍්‍රහණ්‍ය කළාට පස්සේ් ඩුබායි, අබුඩාබි, සාජා කියන ප‍්‍රාන්තවල වැඩ කරන්න ලැබුණා. ඒ හැම සතේම මම ඉතුරු කළා. අවුරුදු 15 ඉදලා මේතාක් දුක් මහන්සියෙන්් හම්බ කරපු මුදලින් තමයි මගේ හීනයට මම ගියේ. උපතින්ම දුප්පත් වෙන එක කමක් නෑ හැබැයි දුප්පත් වෙලාම මැරිලා යනවා නම් ඒක ඒ කෙනාගේ අවුලක්. උත්සාහයයි, කැපකිරීමයි තියෙනවා නම් අපිට අපේ දෛවය වෙනස් කරන්න පුළුවන්.


කොහොම වුණත් ලංකාව ඇතුළෙ නිරූපණ ක්ෂේත‍්‍රය ගැන තියෙන්නේ ඒ තරම් හොඳ කතාබහක් නෙමෙයි නේද?
නිරූපනය කියන්නේ ලොකු වපසරියක්. ෆොටෝ ෂූට් එකක් කළා කියලානි රූපණ ශිල්පිනියක් වෙන්න බැහැ. ඇත්තටම කියනවා නම් ක්ෂේත‍්‍රයේ දැනුම නැතුව පැවැත්ම හදාගන්න බැහැ. පුංචි කාලේ මම නිරූපණයට ආස වුණාට මගේ අම්මයි තාත්තයි ඒකට විරුද්ධ වුණා. දවසක් නහය විද්දා කියලා මගේ තාත්තා මට ගැහැව්වා. කොණ්ඬේ පාට කරලා මට පැය 24 ක් ඇතුළත කළු කරගෙන එන්න කියලා. මගේ ලේවල තිබුණු දෙයක් නිරූපණය කියන්නේ. ඒකට මට අවස්ථාව ලැබුණේ නැහැ.
විවාහයෙන් පස්සේ මට මගේ ආසාවට අවසර ලැබුණා. ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රය ගැන තියෙන, අදටත් තියෙන මානසිකත්වය සහ ලේබල්් එක වෙන්නේ මේකේ ඉන්නේ හොඳ නැති අය කියන එක. ඇඟ පෙන්නන කියන එක. මට  ඕනෑ වුණා මේක ගෞරවාන්විත වාත්තියක්බව ලංකාව ඇතුළෙ පෙන්වන්න. මේක හම්බ කරන්න පුළුවන් වෘත්තියක් කියලා. ඒ නිසයි මම නිරූපණ පාසල පටන් ගන්නේ.
නිරූපණයට ලස්සන විතරක් මදි. ආකල්ප හොඳ නැත්නම්, හොඳ පෞරුෂයක් නැතිනම් නිරූපණයෙන් සල්ලි හම්බ කරන්න බැහැ. 


දිගටම ලංකාවේද ජීවත් වෙන්නේ?
අවුරුදු 06 ක්ම මමත් සැමියාත් ජීවත් වුණේ විදේශගත වෙලා. දැන් අපි ලංකාවේ පදිංචියට ඇවිත් ඉන්නේ. නිරූපණ පාසලේ වැඩකටයුතු නිසා. ජීවිතේ අද ඉන්්න තැන ගැන හරිම තෘප්තිමත්. මට අවුරුදු 06 ක දරුවෙක් ඉන්නවා. මගේ සැමියා මගේ ගමනට විශාල සහයක් දෙනවා. ඒ ශක්තිය මට ජීවිතේ ගොඩක්ම වටිනවා.

 

 


නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Next

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

Realted Post

Leave a comment