කැමරාව ඉස්සර ඉන්න ජූලියාමයි ගෙදර ඉන්නෙත්

 

නිවේදන කලාව තුළ මේ දවස්වල බහුලව දකින්න ලැබෙන කෙනෙක් තමයි ජූලියා සොනාලි කළුආරච්චි කියන්නේ. ලංකාවේ ප්‍රසිද්ධ රියැලිටි වැඩසටහනකත් නිවේදිකාවක් විදියට ජනතාව අතර නමක් දිනා ගත් ඇයගේ අලුත්ම විස්තර මෙවර සිරිකත  Online ඔස්සේ මෙලෙස මෙලෙස ගෙන එන්න අපි හිතුවා.

 

ජුලියා ගැන විස්තර ටිකක් කිව්වොත් ?
මගේ නම ජූලියා සොනාලි කළුආරච්චි. මම පවුලේ එකම ළමයා. හරිම සැහැල්ලුවෙන් නිදහසේ ජිවිතේ ගත කරන්න කැමැති කෙනෙක්. කලාවට වගේම  ෆැෂන් කරන්නත් ගොඩක් ආසයි.

 

ජූලියා කියන්නෙ නිවේදිකාවක් විතරමද ?
ඇත්තටම නැහැ. මං වැඩිදුර ඉගෙන ගත්තෙ ෆැෂන් ඩිසයිනින්. නිවේදිකාවක් වෙන එක හිතේ කොනකවත් තිබුණ දෙයක් නෙවෙයි. ඒක එක පාරට පටන් ගත්ත දෙයක්.

 

නිවේදනයට අත්පොත්  තැබෙන්නේ කොහොමද ?
මම නිවේදන ක්ෂේත්‍රයට එන්නෙ උසස් පෙළින් පසුව. මගේ පාසැලේ ම නංගිලා දෙන්නෙක් හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.ඒ විදියට තමයි මම Kids TV නිවේදිකාවක් විදියට පලවෙනි පියවර තිබ්බේ.

 

ඉස්සරහට ඔබ තුළින් රංගන ශිල්පිනියකුත් එළියට ඒවිද ?
ඒදේට තමයි මම මුලින්ම උත්සාහ කළේ. ඒත් ඔක්කොම බදාගෙන කරන්න තරම් ආසාවක් නැහැ.ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒත් දැනට නම් එහෙම අදහසක් නැහැ.
 

නිරූපිකාවයි, නිවේදිකාවයි කියන දෙන්නම කොහොමද ඔබ  සමබර කරගන්නෙ ?
නිවේදනය තමයි මගේ රැකියාව. නිරූපණය තමයි මගේ ආසාව. මම දෙකටම එකම විදියට මහන්සි වෙනවා.

 

 

මේ තෝරගත්ත මාර්ග දෙක ගැන අද මොකද හිතෙන්නේ ?
ලෝකයේ හැම රැකියාවකටම වටිනාකමක් තියෙනවා. ඒ වගේ තමයි මම තෝර ගත්ත මාර්ග දෙකත්. නිරූපණ ශිල්පියෙක් ගත්තොත් ඔහු හෝ ඇය නිරූපණය කරන්නේ තව කෙනෙක් මහන්සියෙන් කරපු දෙයක්. ඇඳුමක් ගත්තොත් ඒක තව කෙනෙක් දකින්නේ නිරූපණ ශිල්පියා ඒකට දෙන වටිනාකම අනුව. නිවේදිනය ගත්තත් ඒ විදියම තමයි. ඒක නිසා තව කෙනෙක්ගෙ මහන්සියක් ඉදිරියට ගෙන ගෙනයන්න පුළුවන් රැකියා දෙකක් ලැබීම ගැන කලාවට ආදරය කෙනෙක් විදියට මට තියෙන්නෙ පුදුමාකාර සතුටක්.

 

ඔබ අනිත් අයගෙන් සුවිශේෂී වෙන්නෙ කොහොමද ?
මම කිසිම දෙයක් සුදානමක් නැතුව කරන කෙනෙක් නෙමෙයි. මම නොදන්න දේවල් අනිත් අයගෙන් දැනගෙන හරි මම ඒ වැඩේ කරනවා. තව දෙයක් තමයි කැමරාව ඉස්සර ඉන්න  ජූලියම තමයි ගෙදරත් ඉන්නෙ. ඒ හැම තැනකදීම මම මං ම තමයි. මම හැමදේම හදවතින්ම කරන කෙනෙක් නිසා මම විශ්වාස කරනවා සොබාදහමත් මට ලොකු සහයෝගයක් දක්වනවා කියලා.
 

ගොඩක් වෙලාවට ඔබ අඳින පළඳින විදිය ඔබටම ආවේණිකයි. ඒ ඇඳුම් ඔබේම නිර්මාණ ද?
අඳින ඇඳුම කියන්නෙ මං ගොඩක් සැලකිලිමත් වෙන දෙයක්. මොකද ඒකෙන් කෙනෙක්ගෙ පෞරුෂය එළිදැක්වෙනවා .මං ගොඩක් ආසයි ඇඳුම් ඩිසයින් කරන්න ඒ වගේම ඇඳුම් ගළපන්න. නිතරම මම අලුත් විලාසිතා ගැන හොයනවා. සමහර වෙලාවට මං ම  ඇඳුම් ගලපලා ඩිසයින් කරලා ඇඳුම් ඩිසයිනින් කරන කෙනාට යවන වෙලාවල් තියෙනවා. ඒවා එයාලා පවා පිළිගන්නවා. මම ගොඩක් ඉතුරු කරන කෙනෙක්. හැබැයි මම ඇඳුම්වලට  වියදම් කරනවා. මොකක් හරි වැඩක් කියපු ගමන් මම ඒකට අඳින ඇඳුම මට මැවෙනවා. බොහෝ දෙනෙක් මම අඳින  විදියට ගොඩක්  කැමතියි. ඒ වගේම තමයි මගේ ඇඳුම් පැලඳුම් අනුකරණය  කරනවා. ඒ ගැන ගොඩක් සතුටුයි . මොකද මම අඳින විදිය ඒ තරමටම  එයාලට දැනිලා. මං කොහොමත් කැමතියි කවුරුත් නොකරපු විදියේ විලාසිතා කරන්න වගේම ඒ දේවල් අනිත් අය අනුකරණය කරනවා දකින්න.

සටහන - නෙත්මි තෂාරා

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Previous

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Next

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

Realted Post

Niranjani Shanmugaraja

Niranjani Shanmugaraja

Pushpika de silva

Pushpika de silva

Happy new year - 2024

Happy new year - 2024

Leave a comment