දැන් ආදරේ කරන්නේ එයාට නෙවෙයි

 

අවුරුදු කුමරිය වැඩසටහනකින් කලා ක්ෂේත්‍රයට ගොඩවුණු ඇය මේ වන විට රූපවාහිනී තිරයේ නිතර දකින රුවැත්තියකි. ඇය නමින් සඳනි ප්‍රනාන්දුය.  රංගනයෙන් වගේම සඳනි පසුගිය දිනවල ගායනයටද පිවිසියා ය. මෙවර ඇය සමගයි මේ කතාබහ.
 

කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල තරමක් කාර්යබහුලයි. රූපගතකිරීම් එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ.  

 

කලාවට එන්න පාර කපන්නේ වෙළඳ දැන්වීම් නේද?
වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලාවට යොමු වුණේ. මුලින්ම මම පෙනී හිටියේ බිස්කට් දැන්වීමක. ඊට පස්සේ මට දිගටම වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. 2016 දී වගේ කරපු වෙළඳ දැන්වීමක් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුණා. ප්‍රේක්ෂකයෝ මාව සොයන්න ගත්තෙත් වෙළඳ දැන්වීම් පෙනී සිටීමත් එක්ක.

 

‘මයුමිගේ’ චරිතය සඳනිට දැනෙන්නේ කොහොමද?
මාව මයුමිට තෝරගත්තේ බුද්ධිනී ජයවර්ධන අක්කා සහ ස්වර්ණවාහිනී ආයතනයෙන්. පිටපත දුන්නට පස්සෙ මියුමිගේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කින විශ්වාසය මට ආවා. මම හිතුවටත් වඩා ප්‍රතිචාර මයුමිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. මයුමි කියන්නේ ඇය ආදරය කරන කෙනා කොපමණ වැරදි කළත් ඒ හැම දෙයක්ම ඉවසාගෙන සිටින චරිතයක්. ඒ වගේම ඇය අවංක ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, ආදරේ වෙනුවෙන් ඕනෑම කාලයක් බලා ඉන්න කෙනෙක්. මයුමිගේ ආදරේ ඇතුළෙ තියෙන ගති ලක්ෂණ සඳනිටත් තියෙන නිසා මට ඒ චරිතය ගොඩනගන්න ගොඩක් පහසු වුණා.

 

ඉස්සරහට මොනවද අලුත් වැඩ?
ටෙලි කාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල සංගීතය පැත්තෙන් පොඩි වැඩ කිහිපයකටත් අතගහලා තියෙනවා.

 

රඟපෑම අතෑරලා ගායනයට යන්නද හදන්නේ?
අපෝ නැහැ. මොන වෘත්තිය කළත් රංගනය අතාරින්නේ නැහැ. සිංදුවක් කරන්න මට කාලයක් තිස්සේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය පසුගිය දවස්වල සැබෑ කරගන්න මට පුළුවන් වුණා. ‘ආදරේ මා නමින්’ ගීතය මගේම ගීතයක්. පියත් රාජපක්ෂ සමගයි එය ගායනා කරන්නේ. පියත්ගෙන් ඒ ගීතය ගයන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. තවත් ගීත දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා.

 

 

සඳනිට ගායනයට හිත යන්නේ කොහොමද?
පුංචි කාලේ ඉඳලාම සංගීතයට මම හරිම ආසයි. පාසල් කාලේ ඉඳලා මට යම් දුරකට ගායනා කරන්න හැකියාවක් තිබුණා. ඒ ආසාව ඇති වෙන්නේ මගේ අයියා නිසා. ඔහු තිළිණ ප්‍රනාන්දු. එයත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. පස්සේ මම සංගීතය ඉගෙන ගත්තා. සංගීතය ඉගෙන ගනිමින් ඉන්න අතරතුර තමයි ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුණේ.

 

සිනමාවෙන් ඉල්ලුම අඩුද?
චිත්‍රපට පැත්තෙන් මට ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. හොඳ චිත්‍රපටියක පිටපතක් ලැබුණොත් රඟපාන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා.

ප්‍රේක්ෂකයෝ සඳනිගෙ කොණ්ඩෙට හුඟක් කැමතියි නේද?
ඇත්තටම ඉන්නේ මගේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ. මට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නේ මගේ කොණ්ඩේ. රංගනයට පිවිසීමට මගේ පෙනුමත් හේතුවක් වුණා කියලා මම විශ්වාස කරනවා.
 

පවුලේ විස්තර ටිකකුත් කියමුද?
මගේ උපන් ගම මාරවිල. ඉගෙන ගත්තේ මීගමුව ජාත්‍යන්තර පාසලක. පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි මමයි ඉන්නේ. මගේ තාත්තා දැනට මාස එකහමාරකට ඉහතදී මිය ගියා. දැන් අම්මා තමයි හැමදේකදිම ළඟින් ඉන්නේ.
 

දැන් පරස්ථාවක් කරගන්න හොඳ කාලේ කියලා හිතෙන්නේ නැද්ද?
තව අවුරුදු දෙකකින් විතර තමයි විවාහ වෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේ කාලේ බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරු කාලයක්නේ. මම මේ වෙනකොට පෙම්වතියක්. ඔහු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඔහුගෙන් මට කියාග න්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා.
 

ගායකයෙක් පෙම්වතා කර ගන්න හේතුව සංගීතයට තියෙන ආසාව නිසාද?
ඇත්තටම ඔව්. මම ඔහුට කැමැති වීමේ විශේෂතම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසාමයි. දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයාට.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

දඟකාරියන්ට කදිම ගවුමක් Read Previous

දඟකාරියන්ට කදිම ගවුමක්

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment