මගේ සමේ වර්ණයට මම හරි ආසයි

 

සුන්දරත්වයේ පරිපූර්ණත්වයත්, පෞරුෂයේ අභිමානයත් රැගත් රූසපුවක් හිමි ලාංකීය කුමර කුමරියන්ට චන්දිමාල් ජයසිංහගේ සංකල්පයකට අනුව ක්‍න්‍ රාජකීය අවුරුදුු කුමරා කුමරිය තරගය ආරම්භ වන්නේ බලාපොරොත්තු දහසක් රැගත්, ලස්සන හදවත් රැසක් එක තැනකට එකතු කිරීමට සහ තරගකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවක අත්දැකීමක් ලබා දීමේ අරමුණෙනි. 


වසර 2023 ක්‍න්‍ රාජකීය අවුරුදු කුමරා කුමරිය ලෙස අභිෂේක ගැන්වූ රූ කුමරිය මිනුරි ද සිල්වා ය. පෞරුෂයෙන් හෙබි කඩවසම් කුමරා ලහිරු අධිකාරී ය. මෙවර සිරිකත කවරය හැඩ කරන්නේ ඔවුන් ය. 

 


මගේ සමේ වර්ණයට මම හරි ආසයි

මිනුරි ද සිල්වා

 

කවුද මේ මිනුරි.....
මගේ වයස අවුරුදු 19 යි. ගම මහනුවර. පාසල නාලන්දා බෞද්ධ විද්‍යාලය. මම දැනට බම්බලපිටිය නවලෝක පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් හදාරනවා.
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, අයියයි. අම්මා ගාහණියක්. තාත්තා විදේශගත වෙලා ඉන්නේ. ඔහු පෞද්ගලික ව්‍යාපාරයක් කරනවා. අයියාත් ඒ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. නංගී තාම පාසල් අධ්‍යාපනය හදාරනවා. අම්මා තාරුකා කරුණාරත්න. තාත්තා  ජගත් ද සිල්වා.


CJ රාජකීිය අවුරුදු කුමරිය තරගයට එන්න විශේෂ හේතුවක් තිබුණද?
මම චන්දිමාල් සර් කරපු නිරූපණ තරග ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. මට හිතුනා එතන මගේ ගමනට හොඳ තෝතැන්නක් වේවි කියලා. මේ අවුරුදු කුමරිය තරගය ගැන දාලා තිබුණු පෝස්ට් එක දැකලා අම්මා තමයි අයදුම් කරන්න කියලා මට කිව්වේ. මේක අම්මාගේ හීනයක්....


මියුරිගේ ලස්සනේ රහස මොකක්ද?
ඇත්තටම මම කිසිම දෙයක් කරන්නේ නැහැ. කාලා බීලා සතුටින් ඉන්නවා.


මට තියෙන්නේ ශ්‍රී ලංකන් නියම සමේ පාට. මම කිසිම වෙලාවක ඒ පාට වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද සමේ පාට අපිට හරි කලාතුරකින් ලැබෙන දෙයක්. පුංචි කාලේ අම්මා වගේ සුදු වෙන්න ආස හිතලා තියෙනවා. ටික ටික ලොකු වෙද්දි තමයි තේරුණේ මේ දකුණු ආසියාවේ තියෙන දුඹුරු පාට සමේ වර්ණය වටිනාකමින් ඉහළ වර්ණයක් කියලා.


මම මගේ සමේ පාටට හරිම කැමැතියි. ශරීරයට වද දීලා පාට වෙනස් කරනවා කියන්නේ බොරු වැඩක්. ලෝකයේ වටිනාකම වැඩිම සමේ වර්ණය තමයි දුඹුරු සම. මට එවැනි සමක් පිහිටීම ගැන මම ආඩම්බර වෙනවා. 

 


 

කුමාරයෙක් වුණාට වොලිබෝල් අතාරින්නේ නෑ 

ලහිරු අධිකාරි

 

වයස - අවුරුදු 24
ගම - හලාවත
පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, අයියයි, නංගියි, මමයි. රංගන ක්ෂේත්‍රයට එකතු වෙලා කාලයක් වැඩ කළා. අම්මා ගාහිණියක්. ඇය චිත්‍රලතා. තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා වසන්තසූරිය. 
පාසල - මාදම්පෙ සේනානායක විද්‍යාලය සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල. 


ලහිරුගේ හීනය වුණේ මේකද? 
ඇත්තටම පාසල් කාලෙදිවත් රූපයෙන් ඉස්සරහට යනවා කියලා හිතලා තිබුණේ නැහැ. මම පාසල් කාලෙ ඉඳලාම වොලිබෝල් සෙල්ලම් කළා. ඒවාගේම මම 2018 ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළා. 
ක්‍රීඩාවයි කලාවයි කියන්නේ අහසයි පොළොවයි වගේ. ක්‍රීඩාව අතඇරලා නිරූපණයට කලාවට එන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. 

 

දැන් අයියලා දෙන්නම අවුරුදු කුමාරයෝ වුණා නේද?  නංගි අවුරුදු කුමරියක් වෙනවාට කැමතිද?
හරිම කැමැතියි. එයත් ලස්සනයි. අපේ අම්මයි තාත්තයි දෙන්නත් ලස්සනයි. අපි තුන්දෙනාටම ඒ ලස්සන පිහිටලා තියෙනවා. නංගි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් අපි උපරිම සහයෝගය දෙනවා. එයා තාම ඉගෙන ගන්නවා.

 

ලහිරුට දෙමවුපියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
අම්මායි තාත්තයි අපිට ඔයාලා මේ දේ කරන්න, මේ දේ කරන්න එපා කියලා බලපෑම් කරලා නැහැ. අයියාටයි මටයි ලොකුම ශක්තිය වුණේ අම්මා. අයියාටත් අවුරුදු කුමාරයාට යන්න කියලා බල කරලාම කිව්වේ අම්මා. මටත් එහෙමයි. අපිට වඩා අම්මා තමයි මහන්සි වුණේ. අපිව අම්මා බලෙන් ජිම් යවන්නේ. කැම වුණත් දෙන්නේ ශරීරය සමබරව පවත්වාගන්න. උපදෙස් මාලාවකුත් එක්ක. 


ඉදිරියට ක්‍රීඩාව අතහැරලා රූපෙන් වැඩක් ගන්නද බලාපොරොත්තුව?
ක්‍රීඩාව අතාරින්නේ නැහැ. නමුත් කලාව පැත්තෙන් තව අඩියක් ඉදිරියට තියන්න තමයි ලොකුම බලාපොරොත්තුව. 

■ නදීශා අතුකෝරළ  ■ ඡායාරූප සජීව ලක්ෂාන්

සෝමසිරි මැදගෙදර Read Previous

සෝමසිරි මැදගෙදර

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Next

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

Realted Post

Niranjani Shanmugaraja

Niranjani Shanmugaraja

Pushpika de silva

Pushpika de silva

Happy new year - 2024

Happy new year - 2024

Leave a comment