මල් ගීතවලටල ආයුෂ නැහැ - අනූෂා එම් මනතුංග

ගීතයක් ලස්සන වෙන්න ගායනය වගේම පදරචයනත් බලපානවා. මෙවර සිරිකත Online මේ කතාබහ එවන් පදරචකාවියක් සමඟ යි. ඇය නමින් අනූෂා එම් මනතුංගයි.

 

පද රචනය සම්බන්ද  අලුත් වැඩ කටයුතු කොහොමද?
අලුත් සින්දුවක් එන්න තියෙනවා. මේ දවස්වල ඒ වැඩකටයුතුත් එක්ක රැඳිලා ඉන්නවා.

 

ඔබේ ගීත ගැන මතක් කළොත්?
මගේ ගීත නිර්මාණ ගැන  කිව්වොත්  මගේ පළමුවෙනි ගීතය වෙන්නෙ විශාරද සුභානි හර්ෂනී අක්කා ගායනා කරන නෙත් මානෙන් කියන ගීතය. ඇත්තටම ඒක නිර්මාණය වෙන්නේ මගේ ආදර සම්බන්ධයක් බිද වැටීමත් එක්ක මගේ මානසික සුවය බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක්. මම එතනින් එහාට නිර්මාණ කරන්න හිතුවෙ නෑ.එහෙම වුණත් පළමු ගීතයට ලැබුන ප්‍රතිචාර එක්ක මට තව නිර්මාණ කරන්නට ආසාවක් ඇති වුණා. ඒ විදියට මගේ අතින් ලියවුණු ගීත තමයි ගායන ශිල්පිණී මංජුලා දිල්රුක්ෂි ගයන පාරමී දම් පුරා සහ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ ගායනා කරන පාට පාටින් වගේ ගීත.

 

ගායකයාගේ නමින්ම ගීත නම් කරන්නෙ ඇයි?
මම හිතන විදියට ගීතයක බොහෝ කාර්යයන්  සිද්ධ වෙන්නේ සංගීත අධ්‍යක්ෂවරයා අතින්. එහෙම වුණත් පද රචනය වගේම සංගීතය එක්ක ගීතයක් නිර්මාණය වුණාට පස්සෙ ඒක සමාජගතවීම සිද්ධ වෙන්නෙ ගායකයා හෝ ගායිකාව හරහා. ඒ නිසා නිර්මාණ හඳුනාගන්නේ ගොඩක් වෙලාවට  ගීතයෙන්. ඒ වුණාට ගීතය ගැන දන්නා ගොඩක් අය ගීතය රසවිඳල ගීතයේ පද රචනය වගේම සංගීත අධ්‍යක්ෂණය ගැනත් හොයල බලනවා.

 

සමකාලීන පද රචනය ගැන මොකද හිතෙන්නේ? 
සමකාලීන පද රචනය ගැන නම් මට තියෙන්නේ හරිම කණගාටුවක්. ඒ වගෙ කියන්නේ මොනවද තියෙන්නේ මොනවද කියලවත්  ඇත්තටම මට නම් කිසිම තේරුමක් නෑ. නව පරපුරේ බොහෝ දෙනෙක් ඇලුම් කරන්නෙ මල් ගීතවලට. ඒත්  ඒවට ආයුෂ නෑ. පැවැත්මක් නෑ. සමාජයට දෙන්න දෙයක් නෑ. හිතන්න විදින්න දෙයක් නෑ. මම කියන්නෙ නෑ හැමෝම ලියන්න ඕන සුභාවිත ගීතම කියලා. ඒත් මේ මල් සිංදු කලාවෙන් මිදිලා සමාජයට යහපතක් වෙන නිර්මාණ කරනවනම් ඇත්තටම ඒක ලොකු දෙයක්.

 

විරහ ගීතම ලියවෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මම වෙනත් ගීතත් ලියලා තියෙනවා. තාම එලියට ඇවිල්ල තියෙන්නේ ඒ වගේ ගීත විතරයි .ඉස්සරහට වෙනසක් වෙයි.

 

පදරචකයෙක් වෙන්න හැකියාව විතරක් ඇතිද?
හැකියාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැනුම වගේම කැපවීමත් අවශ්‍යයයි.

 

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
ප්‍රවීණයින් නවකයින් කියලා වෙනසක් නැතුව ලොකු සහයෝගයක් ඔවුන්ගෙන් ලැබෙනවා.ඒක හොඳ දෙයක් විදියට මම දකිනවා.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන යමක් කිව්වොත්?
මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනවා. ඒ වැඩකටයුතුත් කරන ගමන් පදරචනයෙන් සමාජයට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සටහන - නෙත්මි තෂාරා

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ Read Previous

රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ

විලාසිතා නිර්මාණකරනයට නව මානයක් එකතු කරමින් ක්ෂේත්‍රය තුළ අද්විතීය වෙනසක් කරපු ඇය Read Next

විලාසිතා නිර්මාණකරනයට නව මානයක් එකතු කරමින් ක්ෂේත්‍රය තුළ අද්විතීය වෙනසක් කරපු ඇය

Realted Post

Leave a comment