විවාහයයි රැකියාවයි දෙකෙන් එකක් තෝරගන්න වුණා... රැකියාව තෝරගත්තා

බැහැයි කියලා බැහැයි කියලා බැරි බව ඇසෙත්ම මතකයට නැගෙන්නේ දොස්තර හොඳ හිතය. ඒ අනුව යමින් ලොවක් බෑ කියද්දී බෑ නොකියූ දිරිය කතක් අපට මුණගැසුණේ අහම්බෙන්. දැන් ඇය ලොවක් දිනා අවසන්ය. ඒ කාන්තාවක් කාය වර්ධන ක‍්‍රීඩිකාවක්වීම සීතිම පවා නුහුරක් ලෙස සලකන කාලයකය ලංකාවට කීර්තියක් අත්කර දුන් ශරීර යෝග්‍යතා උපදේශිකා ඩබ්ලිව්. පී. මදුෂි  අමරසිංහ ය.

කවුද මදුෂි අමරසිංහ කියන්නේ?

මගේ ගම හලාවත. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මල්ලියි. දැන් පදිංචිය කොළඹ. මේ වෙනකොට මම ශරීර යෝග්‍යතා උපදේශිකාවක් විදියට සේවය කරනවා. ඒ වගේම මම කායවර්ධන ක‍්‍රීඩිකාවක්. පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා පැවැත්වුුණ කාන්තා කායවර්ධන අංශයේ women's  Athletic Physique Over  165cm තරග කාණ්ඩය පළමුවරට ලංකාව නියෝජනය කරමින් සිව්වැනි ස්ථානය දිනා ගන්න මට හැකියාව ලැබුණා.

ඇයි මේ තරගයට සහභාගි වෙන්න හිතුවේ?

කාය වර්ධනය කියන දේට ලංකාවේ තියෙන්නේ දුර්වල තැනක්. අවුරුද්දකට සැරයක් තරගයක් පැවැත්වුවත් ඒ දේවල් එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ වගේම කාය වර්ධනය කියන දේ  modling Physique "Athletic Physique විදියට කාණ්ඩ වෙලා තිබුණත් ලංකාව තුළ එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. මම නියෝජනය කළෙත් Athletic Physique' . මම කාලයක් තිස්සේ පුරුදු වුණා ඊටපස්සේ මේ තරගයට අයදුම් කළා.

තරගයට මුහුණ දෙද්දී දැනුණු හැගීම විස්තර කළොත්?

මම ලංකාවෙන් යද්දී සූදානම් වෙලා ගියේ ඵදාකසබට ඡුයහිසුමැ තරග කාණ්ඩය නියෝජනය කරන්න. ගියාට පස්සේ තරගයට දවස් තුනකට කලින් මට කිව්වා මාව සුදුසු Athletic physique කාණ්ඩයට කියලා. ඒක හාත්පසින්ම වෙනස් තරගයක්. දවස් දෙකක් ඇතුළත මම උපරිමයෙන් පුරුදු පුහුණු වුණා. වේදිකාවට  නගිද්දි බයක් දැනුණා. ඒත් කොහොම හරි මේකට සාර්ථකව මුහුණ දෙනවා කියන හැඟීම මට තිබුණා. ඉතින් මම ඒකට සාර්ථකව මුහුණ දුන්නා. හැමෝම මාව අගය කළා. දුර ගමනක් යන්න ඉන්න මගේ පළමු පියවර ඒ විදියට සාර්ථක වුණා.

ගෙදර අයගෙන් මොනවගේ ප‍්‍රතිචාරයක් ද ලැබුණේ?

කොහොමත් මම කායවර්ධන පුහුණු ශිල්පිනියක්. ඒක මගේ රැකියාව. එතකොට මට නිතරම ඉන්න වෙන්නේ ජිම් එකේ. මගේ රැකියාවත් එක්ක  සම්බන්ධ දෙයක් නිසා ගෙදරින් විරෝධයක් එල්ල වුණේ නැහැ.

මදුෂි කාය වර්ධනයට යොමු වුණේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳලම ක‍්‍රීඩා කළා. මම අසනීප වුණු නිසා ක‍්‍රීඩා කරනවට ගෙදරින් වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ගෙදර අයට  ඕන වුණේ මම ඉගෙනීමෙන් ඉදිරියට යනවා දකින්න. ඒත් මම අමතර පන්ති කියලා ගෙදරට කෝල් කරලා කියලා පාසලේ නැවතිලා ක‍්‍රීඩා කළා. ගෙදරට හොරෙන් මම ක‍්‍රීඩා කළේ. පාසල් මට්ටමින්, පළාත් මට්ටමින් ජයග‍්‍රහණ අරන් තියෙනවා. මගෙ ආසම විෂය ගණිතය. ශිෂ්‍යත්වෙත්  සමත් වුණා. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. ඊට පස්සේ මම කාලයක් නීතිය හැදෑරුවා. එකපාරම මම අසනීප වුණු නිසා ඒකත් අතරමලදි නතර කරන්න සිද්ධ වුණා. ජනක සමරසිංහ සර් යටතෙත් කායවර්ධන හැදෑරීම් කළා. දක්ෂතාවට වඩා ආසාව වැඩි නිසා අද මට දුර ගමනක් යන්න පුළුවන් වුණා. මම දැන් සතුටින්. 

අභියෝගත් එමට එන්න ඇති?

ගොඩක් අය මට කිව්වා මේ රටෙන් යන්න කියලා. මේ පවතින ආර්ථික තත්ත්වෙත් එක්ක ලංකාවෙ ඉඳන් කායවර්ධන ක‍්‍රීඩිකාවක් වෙන්න බැහැ කිව්වා. තනි  කෙනෙක්ට කොහොමත් එහෙම දෙයක් කරන්න බැහැ කිව්වා. ඒ කරන්න බැහැ කියපු අයට මම උත්තරයක් දුන්නා. ලංකාවෙම කායවර්ධන ක‍්‍රීඩිකාවක් වෙලා ලංකාව නියෝජනය කරලා ගිහින් සම්මානෙකුත් අරගෙන ආවා. මම හිතන්නේ ප‍්‍රතික්ෂේප වීම තමයි මගේ හොඳම දිරිගැන්වීම වුණේ.

ජිම් යන එකෙන් කාන්තාවකට ගොඩක් දේවල් ලැබෙනවද?

තමන්ගේ අරමුණ අනුව ඇග හදාගන්න පුළුවන්. ඒ වගේම ලොකු ආත්ම විශ්වාසයක් ලැබෙනවා. විශාල පිරිසක් අතර ඉන්නවා නම් තමන්ව  ලස්සනට පේනව වගේ දැනෙනවා. ඒ ආත්ම විශ්වාසය වගේම කැපී පෙනීමත් එක්ක  කෙනෙකුගේ ජීවිතේ ලොකු ගමනක් යන්න හැකියාව ලැබෙනවා. ජීම් එක කියන්නේ තනිකරම අපේ වයස ආපස්සට යවන තැනක්. වයසට නොයා ඉන්න නම් ඒකට හොඳම තැන ජිම් එක කියලයි මම කියන්නේ.

ජීවිතේ ආපස්සට හැරිලා බැලූවොත්?

මගේ ජිවිතේ කියන්නේ පිදුරු තලාගල කන්ද නම් මේ වෙද්දි මම කන්දෙන් කාලක් විතර නැගලා. පහළ බලද්දී අවදානමක් දැනුණත් අහස දකිද්දි ලැබෙන්නේ පුදුමාකාර ශක්තියක්. මොකද මම තව දුර යන්න  ඕන කියන හැගීම මට තදින්ම  දැනෙනවා.

ඉදිරි බලාපොරොත්තු?

මගේ  කාර්ය වෙන්නේ පුහුණුකරුවෙකු විදියට තවත් කෙනෙක්ට මගේ සේවය ලබා දෙන එක. ඒ වගේම මේ  ක්ෂේත‍්‍රයට එන්න  බලාපොරොත්තුවෙන් නිසි මග පෙන්වීමක් නැතිව කාන්තාවන් ඉන්නවා. මම සූදානම් ඒ අයට උදව් කරන්න. ඒ වගේම මම මුහුණ දුන්න තරග අංශයෙන් ලංකාවට රන් පදක්කමක් ලබාදෙන්නත් ඉදිරියේදී  බලාපොරොත්තු වෙනවා.

කාන්තාවකට තනියම ජීවත්වෙන්න බැරිද?

මමත් අවුරුදු 09 ක විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක්.මට එක තැනකදී විවාහයයි ,රැකියාවයි කියන දෙකෙන් එකක් තෝරාගන්න සිද්ධවුණා. මම කරන රැකියාවට උදව් කරන්න පුළුවන් අය ලංකාවේ ගොඩක් අඩුයි. එහෙම වුණාම ගොඩක් අසරණ වෙනවා. එයාගෙ තීරණේ එයාට ගන්න දුන්නා. මම රැකියාව තෝරාගත්තා. ලංකාවේ කාන්තාවන් ශක්තිමත්. කාන්තාවන් තනියම දෙයක් කරගන්න පුළුවන්. තමන්ගේ ශක්තියට තවත් කෙනෙක් ඉන්න  ඕනම කියලා දෙයක් නැහැ. 

සටහන - නෙත්මි තෂාරා

ඡායාරූප - Esh

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment