කෝච්චියේ නානු ඇල්ල බලන්න යමු ද?

 

සොබා දහම කියන්නේ අපිට හිතාගන්න වත් බැරි අපූරු ආශ්චර්යන් මවන තැනක් . හැම තිස්සෙම සොබාදහමත් එක්ක කාලය ගත කරන්න කැමති ඔයාට සොබා දහමෙන් මවපු තවත් සුන්දර ස්ථානයක් ගැනයි මේ කියන්න  යන්නේ. නානු ඔය තියෙන්නේ දෙස් , විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් නුවර එළිය ප්‍රදේශයෙයි.


 නුවර එළියේ සිට ඔබ එනවා නම් පේරාදෙණිය -බදුල්ල මාර්ගයේ 3 Km ක් පමණ පැමිණ එතැන් සිට 8 Km කට ආසන්න දුරක් අවිස්සාවේල්ල -හැටන් - නුවර එළි මාර්ගයේ පැමිණි විට දිය ඇල්ල ට ළගා වෙන්න ඔබට පුළුවන්.
හරිත වර්ණ කදු පන්ති වලින් වට වූ සුන්දර නගරයක් වන නුවර එළිය නගරයට පිවිසෙන ඔබට දුම්රියේ ගමන් කරන විට දී නානු ඔය දුම්රිය ස්ථානයෙන් බැස පා ගමනින් ගමන් කළ විටත්  දිය ඇල්ල ට ළගා වෙන්න පුළුවන්. මීටර් 60 කට ආසන්න උසකින් යුත් මෙම ඇල්ල පඩිපෙළක් ලෙස නිර්මිත කළු ගලක් මතින් ගලා යන නිසා නානු ඔයේ ජලය පඩි පෙළක් ලෙස අලංකාරව ගලා බසි.


 නානු ඔය දුම්රිය ස්ථානයේ සිට 1.5 Km ක දුරකින් පිහිටා ඇති නිසා දුම්රියේ ගමන් කරන අයෙකුට වුවත් පහසුවෙන් දැක ගන්න පුළුවන් අලංකාර දර්ශනයකි. උඩරැදැල්ල,බඹරකැලේ වැනි ප්‍රදේශ පසු කරමින් ගලා එන නානු ඔය අවසානයේ  කොත්මලේ සහ මහවැලි ගංගා වලට  එක් වෙනවා. මෙහි ඇති සිසිල් දේශගුණය සහ විචිත්‍රවත් භූ දර්ශනය  ,දිය ඇල්ල වටා ඇති තේ යායවල්හි ඇති සුන්දරත්වය මෙහි පැමිණෙන්නන්ට සොබා දහමේ අපූර්වත්වය මනරම්ව කියා පායි.


හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආසන්නයේ තියෙන නානු ඔය සොබා දහමට ආදරය කරන්නන්ට සහ නිස්කලංකත්වය සොයන ඔබට ගැලපෙන  ම සොදුරුම  තෝතැන්නක්  තමයි  නානු ඔය.   හරිත පැහැ තේ වතු , නිමක් නොපෙනෙන කදු පන්ති ,සුන්දර දිය පහරවල් සහිත නානු ඔය දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය ස්වභාව ධර්මය විසින් මිනිසා ට ලබා දුන් මනස්කාන්ත සිත්තමක්.


සටහන දුල්ෂරා මධුවන්ති

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment