මෙරට සංචාරක ක්ෂේත්‍රයේ තවත් හැරවුමක්

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරනු ලබන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. වර්තමානය වන විට සංචාරක කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ සංවර්ධනයට ලක් වී තිබෙනවා. ඒ අනුව මෙම සංචාරක ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් මෙසේ සනිටුහන් වන වගයි.

මෙරට සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, මෙරට මුහුදු තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති ජල ප්‍රවාහය භාවිත කරමින්, මගී බෝට්ටු සේවාවක් ආරම්බ කිරීම සම්බන්ධ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

පුත්තලම - කොටුව, කොටුව - ගාල්ල, ගාල්ල - මාතර ආදී ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම බෝට්ටු සේවාව ආරම්බ කිරීමට නියමිතයි. හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සපයමින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.

2024 වසරේ වාර්තාවලට අනුව මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,053,465 පමණ වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද විදෙස් සංචාරකයින්ගේ අවධානය වැඩි වන ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය 2025 වසරේ දී හා ඉන් ඉදිරියට මෙරට සංචාරක කර්මාන්තයට සුබවාදී ලකුණු මතු කරනු ඇත.

සටහන - සහශ්‍රිකා දයානන්ද

කතා කරන රොබෝ කෙනෙක් හදපු අපේ දක්ෂයෝ Read Previous

කතා කරන රොබෝ කෙනෙක් හදපු අපේ දක්ෂයෝ

හිත ඇදිලා යන මල් කුමාරියක් Read Next

හිත ඇදිලා යන මල් කුමාරියක්

Realted Post

Leave a comment