අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට්‍ය උළෙල’

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 05 වැනි වරටත් සංවිධානය කළ "අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය"  ‘ටවර් නාට්‍ය උළෙල’  පෙබ, 11 දින ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණ. 

නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කෙරේ.

මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක්  වේදිකාගත කෙරේ. 

නාට්‍ය උළෙල පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය හා මූල්‍යමය තිළිණ පිරිණැමෙන අතර එහි පළමු සම්මාණය ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් පිරිනැමිණ.

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Previous

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Next

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

Realted Post

Leave a comment