අසංවර ජීවිතයන්හී පිළිබිඹුව ’’අසංධිමිත’’

අවුල් වියවුල් නොමැති පවුලක් වේ නම් එය මිහිපිට ඇති සැබෑම  සොඳුරු කැදැල්ලකි.  නමුත් පිටතට පෙන්නන සුහද  ලෙන්ගතුකම නිවාස අභ්‍යන්තරයේ නොපවතින පවුල් අනන්ත අප්‍රමාණවත්ව පවතියි . නොසිඳෙන ආශාවන් හමුවේ වහලුන්ව අන්සුව සොයා යන පිරිමින් බොහොමයක් නිසා, ඔවුන්ගේ බිරින්දෑවරුන් ගෘහස්ථ හිංසනයට ලක්වන්නේ නිරායාසයෙනි. එයින් වඩාත් අසරණ වන්නේ ඔවුනට දාව උපන් අහිංසක දරුවන්ය.අසංධිමිත ටෙලි නාට්‍යය තුළින් කියවෙන්නේද එවන් අසංවර ජීවිත ගමනක නියැලී මානුෂීය සබඳතාවයන් ගිලිහී පවුල් ආරවුල් මැද හිරවුණු චරිත පහක් වටා ගෙතුණු ආදර්ශමත් කතා පුවතකි. 

ශලනි තාරකාගේ කතා සංකල්පයක් සහ තිර රචනය මත නිමැවුනු " අසංධිමිත " ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයකි.  "අක්ෂි" ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ශාන්, "මේන් කැරක්ටර්", "වීදුරු තිර" සහ "පහේ ළමයි" වැනි  ජනප්‍රිය ටෙලි නාට්‍ය කීපයක්ම නිර්මාණය කරමින් ඉදිරිපත් කර ඇති අතර, " සෝණා"  ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය ලෙසින් 2025 වසරේ දී තිරයට එක් විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ, " කන්නගී" සහ "සරා සුසුම්" චිත්‍රපට යුගලය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.  

අසංධිමිත රංගනයෙන් ගයාන් වික්‍රමතිලක, ශලනි තාරකා, තත්සරණි පියුමිකා , අභිෂේක් ප්‍රමුදිත, සනුලියා දන්දෙනිය, නෙතලි නානායක්කාර,  ජනක් ප්‍රේමලාල්,  මොරින් චාරුණි, සුරාජ් මාපා, සුදර්ශනී ගැලණිගම, ජයනාත් බණ්ඩාර, තුෂිණි ෆනැන්ඩෝ, අනුරාධා එදිරිසිංහ, හර්ෂණ බෙත්මගේ, ගගනි තමාෂා ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් විශාල පිරිසක් එක්වී ඇත. නීතිඥ පූර්නිමා රණවක විසින් නිෂ්පාදනය කරන ලද අසංධිමිත ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂණයෙන්  සහ ආලෝකකරණයෙන් චානක සංජීව, විධායක නිෂ්පාදනයෙන් විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක , නිෂ්පාදන කළමනාකරණයෙන් ඩිලාන් රොෂාන් , සහය අධ්‍යක්ෂණයෙන් ළහිරු යාපහුව, කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න කුමාරගේ, අංග රචනයෙන් ඉසංක තරිඳු, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ගිශාන් ප්‍රභාත් තෙන්නකෝන්, සංගීත නිර්මාණයෙන් ශාන් ජයරත්න, තේමා ගීත ගායනයෙන් අමන්ද්‍යා උත්පලී, තේමා ගී රචනයෙන් ලක්ෂාන් වත්තු හේවා සහ තේමා ගීත සංගීත නිර්මාණයෙන් විහඟ මුතුතන්ත්‍රීගේ එක්වී සිටී.

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Previous

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment