ආදරය සොයන කොකෝ

කිසිවෙකුගේ කරුණාවට, අනුකම්පාවට ලක් නොවන හඬක් අහිමි ආදරණීයයන් වෙනුවෙන්ම ,ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ වීදී සුරතලෙකු පාදක කර ගනිමින් නිර්මාණය කරනු ලබන ප්‍රථම සිනමා නිර්මාණය වන CoCo  නොවැම්බර් 27 වන දින සිට දිවයින පුරා තිරගතවීම ආරම්භ වීමට නියමිතව ඇත.

 මෙය ,පුංචි සුරතල් බලු පැටවකු සහ කුඩා දියණියක වටා ගෙති ඇති අනුවේදනීය සිනමා නිර්මාණයක් වන අතර, හුදෙක්ම සිනමා නිර්මාණයකින් එහා ගිය සමාජ  ක්‍රියාකාරී ව්‍යාපෘතියක් ද වෙයි.  මෙම සිනමා නිර්මාණය තුළින් කුඩා දරුවන් ඇතුළු සමාජයේ ජීවත්වන විවිධ ජන කොටස්හි  සිත් සතන් සතුන් කෙරේ සහකම්පනයක් ඇතිකරවීම, සතුන් පිළිබඳව  වගකීමක් ඇති කිරීම, පදනම් විරහිත ආගමික හා සමාජ මතවාද වෙනස් කිරීම වැනි කරුණු අපේක්ෂා කෙරේ. කලර් චිත්‍රපටිය තුළින් සිනමාවට පිවිසි ඉසුරු වීරසිංහ මුදලි  සමගින් සසිකා වතුදුර එක්ව CoCo නිර්මාණය කර ඇත. සනුකි ගයංගා හේරත් සිනමාට හඳුන්වා  ළමා නිළිය සමඟින්  සෙනාලි ෆොන්සේකා, සුසිලා කෝට්ටගේ,  අමිත්ත වීරසිංහ, කුමාර තිරිමාදුර , ඉෂානි කෞශල්‍යා, ලෝචනා ඉසුරින්දි, නිම්මි මනෝහාරි, එස්. සුදර්ශන්, ආසිරි එදිරිසිංහ, එරංජන් සෝමසිරි ඇතුළු රංගන ශිල්පීන් රැසක් CoCo සඳහා රංගනයෙන් දායකව ඇත. 

ඉසුරු වීරසිංහ මුදලි තිර රචනය නිර්මාණය කළ CoCo ශිවංක විතානාච්චි  සමගින් ඉසුරු වීරසිංහ මුදලි එක්ව නිෂ්පාදනය කර ඇත. මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් සිතාර කාරියවසම් සමගින් සුබෝධි දිසානායක , සංගීත අධ්‍යක්‍ෂණයෙන් අමා ජයවර්ධන සමගින් නෙතුල් පෙරේරා, සංස්කරණයෙන් සුබෝධි දිසානායක ,කලා අධ්‍යක්ෂණයෙන් සුරංජිත් යටවර, වේශ නිරූපණයෙන් සසිනි මදුමාලි, නිෂ්පාදන කළමනාකරණයෙන්  මනුකල්ප රත්නායක ,ශබ්ද සංකලනයෙන් සහ වර්ණ සංයෝජනයෙන්  ඩිලාන් ගුණවර්ධන, ඇඳුම් නිර්මාණයෙන් ගයාන්ති වීරසිංහ  මුදලි සමගින් දිල්මි නානායක්කාර, සහය අධ්‍යක්ෂණයෙන් රංගන නවරත්න , ගී පද රචනයෙන් සුබෝධි දිසානායක සමගින් ඉසුරු වීරසිංහ මුදලි, ගීත ගායනයෙන් දිල්මි නානායක්කාර, අමා ජයවර්ධන, විශාරද ශිරාණි විජයවර්ධන, නෙතුල් පෙරේරා, නවෝදා පතිරණගේ  එක්වී ඇත.  CoCo කොළම්බෝ මූවී ප්‍රසන්ට් ඉදිරිපත් කිරීමක් වන අතර  , ඉදිරියේදී විදේශයන් රැසක තිරගත කරවීමට නිෂ්පාදන අංශය බලාපොරොත්තුවෙන් සිටී.


ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

දිරි අභිමන් 2026 Read Previous

දිරි අභිමන් 2026

සමේ දීප්තිය, නිරෝගී හිසකෙස් වෙනුවෙන් ආයුර්වේදයේ පැරණි ප්‍රතිකාර ක්‍රමයක් Read Next

සමේ දීප්තිය, නිරෝගී හිසකෙස් වෙනුවෙන් ආයුර්වේදයේ පැරණි ප්‍රතිකාර ක්‍රමයක්

Realted Post

Leave a comment