ආර්ට් ටැලන්ට් 2025 තරඟයෙන් කළුතර ප්‍රාදේශීය සභාවටත් ජය

බස්නාහිර පලාත් සභාව මගින් රාජ්‍ය   සේවයේ නියුතුකාර්ය මණ්ඩලයන් වෙනුවෙන් සංවිධානය කල ආර්ට් ටැලන්ට් (Art Talent)  2025 තරගාවලියේ තරගකරුවන් 5000කින් තෝරාගත් විශිෂ්ටයින් 300 දෙනෙකු හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය දා බස්නාහිර  පළාත් ආණ්ඩුකාර  හනිෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන්  පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වා තිබෙනවා. 

එහිදී  රචනා තරගයේ විශිෂ්ටතා සහතිකය හා  මුදල් ත්‍යාගය කළුතර  ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ඉදිරිපත් වු අනුෂා කුමාරි ඒකනායක මහත්මිය විසින් දිනාගෙන තිබුණා. 

ඇයට හිමි සහතිකය සහ මුදල් චෙක්පත ප්‍රවීණ කලාකරු  විජයරත්න වරකාගොඩ මහතා අතින් ලබා ගත්තා. 

දිවයිනේ විශිෂ්ට කලාකරුවන් රැසකගෙන් සමන්ව්ත වූ මෙම තරගාවලිය විනිශ්ච මංඩල හතකින් යුතුව ප්‍රව්න රංගදර අම්ත්ත වීරසිංහ මහතාගෙ සබාපතිත්වයෙන් සිදුකර තිබෙනවා. 

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා  ජයසුන්දර මහත්මිය ඇතුළු  පිරිසක් මේසදහා එක්වසිටියා. 

තුසිත කුමාර ද සිල්වා

ආදරේට ධර්ම‍යෙන් උත්තරයක් Read Previous

ආදරේට ධර්ම‍යෙන් උත්තරයක්

ශ්‍රී නිග්ග්‍රෝධාරම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් Read Next

ශ්‍රී නිග්ග්‍රෝධාරම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන්

Realted Post

Leave a comment