ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (01) රාත්‍රී වීදි සංචාරයට එක් විය.
නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර සමඟින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර රාත්‍රී 07.16ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව වීදි සංචාරයට එක් වුණි.
එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
දෙවන කුඹල් පෙරහැර ඊයේ (31) රාත්‍රී වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහ රාජා ඇතු විසිනි. කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් පුලතිසි රාජා ඇතු දෑලේ ගමන් ගත්හ.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන ලද්දේ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්. බණ්ඩාරනායක මහතායි.

දෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා සැදැහැවතුන් හා විදේශීය සංචාරකයන් රැසක් සහභාගීවිය.

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Previous

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

මාර්ක් සකර්බර්ග්: ඩිජිටල් යුගයේ නව යුගකාරකයා සහ ලෝකය යා කළ මිනිසා Read Next

මාර්ක් සකර්බර්ග්: ඩිජිටල් යුගයේ නව යුගකාරකයා සහ ලෝකය යා කළ මිනිසා

Realted Post

Leave a comment