ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලය ලබා දීම- අලුවිහාරයේදී

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඨ කළ මාතලේ  ඓතිහාසික අලුවිහාර රජමහා විහාරස්ථානය වෙත ත්‍රිපිටක ධර්මය ඉංග්‍රිසියෙන් පරිවර්තනය කළ ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලයක් ලබා දිම පසුගියදා අලුවිහාර රාජ මහා විහාරස්ථානයේදි සිදු විය.

අදාළ පොත් කට්ටලය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක මහතා විසින් අලුවිහාර රජමහා විහාර භාරකාර ආචාර්ය අලුවිහාරේ සරණංකර හිමි පාණන්වහන්සේ වෙත ලබා දුන්හ.
මෙම අවස්ථාවට විහාරස්ථ දායක සභාවේ උප සභාපති, මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති දේශබන්දු ඉසුරු ජයවර්ධන මහතාද සහභාගි විය.

ඡායාරුපය

 ඉංග්‍රිසි ත්‍රිපිටක ධර්ම පොත් කට්ටලය  බස්නාහිර පළාත් අෘණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක මහතා විසින් අලුවිහාර රජමහා විහාර භාරකාර ආචාර්ය අලුවිහාරේ සරණංකර හිමි පාණන්වහන්සේ වෙත ලබා දුන් අයුරු

මාතලේ මහේෂ් කිර්තිරත්න

සීතල නත්තලේ සිරිකත පුවත්පත හැඩ කළ කුමරිය Read Previous

සීතල නත්තලේ සිරිකත පුවත්පත හැඩ කළ කුමරිය

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Next

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

Realted Post

Leave a comment