ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න හටගත්තේ, අලුයම 5.30 ට පමණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. 

ඩීසල් ප්‍රවාහන මෙසේ ගිනි ගැනීමට ලක් වූයේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවල්ලූර් නගරයේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදීයි.

ගින්න නිවා දැමීම අසීරු වූ අතර, ගිනි නිවන භට කණ්ඩායම් කීපයක් ද ඒ සඳහා කැඳවා තිබෙනවා. 

ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැහැ. 

 දුම්රියේ ගින්න හටගෙන ඇත්තේ, එහි මැදිරි කීපයක් පීලි පැනීමට ලක්වීමත් සමඟයි.

පීලී පැනීමත් සමඟ ඩීසල් කාන්දුවක් සිදුවුණු බවත්, එය ගින්නට හේතුවක් වූ බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

කදුලට සවියක් Read Previous

කදුලට සවියක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි Read Next

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment