ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හටගෙන තිබෙනවා. 

ගින්න හටගත්තේ, අලුයම 5.30 ට පමණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. 

ඩීසල් ප්‍රවාහන මෙසේ ගිනි ගැනීමට ලක් වූයේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවල්ලූර් නගරයේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදීයි.

ගින්න නිවා දැමීම අසීරු වූ අතර, ගිනි නිවන භට කණ්ඩායම් කීපයක් ද ඒ සඳහා කැඳවා තිබෙනවා. 

ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැහැ. 

 දුම්රියේ ගින්න හටගෙන ඇත්තේ, එහි මැදිරි කීපයක් පීලි පැනීමට ලක්වීමත් සමඟයි.

පීලී පැනීමත් සමඟ ඩීසල් කාන්දුවක් සිදුවුණු බවත්, එය ගින්නට හේතුවක් වූ බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment