එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පළ කල අදහස් , 
එක්සත් ජාතික පක්ෂයට වසර 80 ක් සපිරෙන අවස්ථාවේ, අනාගත පරම්පරාවට මේ රට බාර‍ වෙන්නේ කෙසේද යන්න වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ කළා. 

ඒ අනුව විශේෂයෙන්ම “හරිත පත්‍රිකාව” නැමැති ලියවිල්ල ඔහු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව මේ වන විට භාෂා ත්‍රිත්වයෙන්ම එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී ආදී වශයෙන් මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට මේ ලියවිල්ල ලබාදීම සිදුකර තිබෙනවා. එසේම එම ලියවිල්ල ඉදිරියේදී මේ රටේ සියලු පුරවැසියන් ආවරණය වන පරිදි ලබාදීමට නියමිතයි.

වසර 20ක කාලයක් සැලසුම් කරගෙන තමයි මේ හරිත පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ. මේ ගැන සමාජයේ විශාල සාකච්ඡාවක් ඇතිවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන් ථෙරවාදී සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති සමයේ ඉදිරිපත් කරන ලද ලියවිල්ලට සමගාමීව තරුණයන් විසින් සකස් කරන ලද ලියවිල්ල සමාජගත වෙමින් තිබෙනවා. මෙය අවසාන ලියවිල්ල නොවෙයි. දේශපාලන පක්ෂ, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිසුන් මේ සියල්ලන්ගේ සංවාදයට ලක්වීමට තමයි මෙම මූලික පත්‍රිකාව අප පක්ෂයේ තරුණ කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඇත්ත වශයෙන්ම මෙය වසර පහෙන් පහට දේශපාලන පක්ෂ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලියවිල්ලකට සමාන ලියවිල්ලක් නොවන බව විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ පක්ෂයට අවුරුදු 80ක් පිරෙන්න මොහොතෙ දී අපේ පක්ෂයේ තරුණ තරුණයන් විසින් මේ ලියවිල්ල ඉතාමත් ශක්තිමත් විදිහට ශ්‍රී ලංකාවේ තරුණ තරුණයන් අතරටත්, වැඩිහිටි පරම්පරාව අතරටත් ගෙන යමින් තිබෙනවා. 
මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා.

එක්සත් ජාතික පක්ෂය මෙම හරිත පත්‍රිකාව මගින් බලාපොරොත්තු වෙන්නේ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ඒ තුළින් මේ රට ඉදිරියට ගෙන යාමයි. මෙය තවත් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි. මෙය ඉන් එහාට ගිය වසර 20 ක අඛණ්ඩ පොදු රාමුවක් තුළ රට ඉදිරියට ගෙන යාමට සකස් කරන ලද ලියවිල්ලක මුල් පියවරයි. මෙය අපි දැනට විපක්ෂයේ සියලු පක්ෂ වෙත යොමු කර තිබෙනවා. ඊට අවශ්‍ය යෝජනා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එසේම මෙය සියලු පාර්ශවයන් විවෘත ලියවිල්ලක් බව සිහිපත් කරනවා.

රට වැටුණු සෑම අවස්ථාවකම රට බේරා ගන්න ඉදිරියට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයයි. ඉතින් ඒ අනුව අපි හිතනවා මෙමගින් රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන්න පුලුවන් වෙයි කියලා. අද වර්තමාන ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳ දැක්මක් නැහැ. දවසින් දවස බඩු භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. එය ඉතා බරපතල තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තුළ නැවත වරක් රට ආරාජික තත්ත්වයට යාම වළක්වා ගැනීමට පොදු රාමුවකට එකතු වෙන්න කියලා අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතීඥ නිපුන් සමරතුංග මහතා

වෙනත් රටවල ආණ්ඩු මාරු වුණාට රට තුළ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති රාමුව වෙනස් වන්නේ නැහැ. අපි මේ හරිත පත්‍රිකාව මගින් බලාපොරොත්තු වෙන්නේ එා ආකාරයට අවුරුදු 20 ක් එක දිගට ගමන් කරන පොදු ප්‍රතිපත්ති රාමුවකට සියලු පාර්ශව එකතු කරගන්නයි. 

මෙවැනි පත්‍රිකාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ඉචදිරිපත් කරන්නේ ඇයි කියලා ඔබට හිතෙන්න පුලුවන්. 1948 දී අපේ රටට නිදහස ලබාගන්න ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂයයි. 1977 දී විවෘත ආර්ථිකය ඇති කරලා රට වෙනස්ම මාර්ගයක ගෙනියන්න එක්සත් ජාතික පක්ෂයට හැකිවුණා. ඒ වගේම මෑත ඉතිහාසය ගත්තොත් රට ආර්ථික වශයෙන් වැටුණු සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගෙන නිවැරදි තැනකට ගමන් කිරීමට කටයුතු කළා.
ඉතින් මේ නිසා ඉදිරියේත් රට නැවත පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළින් අඛණ්ඩව වසර 20 ක් ගෙන යා යුතු බව අප විශ්වාස කරනවා. දේශපාලන ප්‍රතිපත්ති වෙනම තබාගමු. මේ ලියවිල්ල මගින් ඒවාට කිසිඳු බලපෑමක් සිදුවන්නේ නැහැ. මෙය දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. ඒ නිසා මේ සඳහා සියලු පාර්ශවයන්ට අත්වැල් බැඳගන්න කියා අප ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතීඥ පසිඳු ගුණරත්ත මහතා

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම ඉදිරියට ඇවිත් රට ඉන් මුදා ගත් දේශපාලන පක්ෂයක්. මෙය සියලු ශ්‍රී ලාංකිකයෙකුගේම මතකයේ තිබෙනවා. මේ ඉතිහාසය මකා කටු ගා දමන්න කාටවත් පුළුවන් කමක් නැහැ. 

රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලය අරමුණු කරගෙන ජනතාවට බොරු කිව්වේ නැහැ. එතුමා හැමවිටම සත්‍ය ප්‍රකාශ කළා. 2022 මේ රට ආර්ථික, දේශපාලන වශයෙන් ඇද වැටුණු විටත් පෙරට ඇවිත් මේ රට නැවත නිවැරදි මාර්ගයට යොමු කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ අවස්ථාවේ රට බාරගෙනත් එතුමා සියලු පක්ෂවලට ආරාධනා කළා පොදු රාමුවකට එකතු වෙන්න කියලා.

ඉතින් අපි දැන් මේ ඉදිරිපත් කර තිබෙන හරිත පත්‍රිකාව මගිනුත් ප්‍රකාශ කර තිබෙන්නේ වසර 20 ක් එක දිගට ගමන් කරන පොදු රාමුවකට සියලුදෙනාට එකතු වෙන්න කියායි. මෙය දේශපාලනය අරමුණ කරගෙන ඉදිරිපත් කරන ලියවිල්ලක් නොවෙයි. මෙය ඉන් එහාට ගිය රට ගොඩනැගීම වෙනුවෙන් ඉදිරිපත් කරන කෙටුම්පතක්. මෙය දැන් මේ වනවිට අපි සමාජයට මුදා හැර තිබෙනවා. සෑම පාර්ශවයක්ම මීට අදාළයි. මේ සියලුදෙනාගෙම අදහස් තුළින් තමයි මෙය ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයින් කිසිම පක්ෂයක ප්‍රතිපත්තිවලට කිසිඳු බලපෑමක් සිදුවන්නේ නැහැ.ඒ නිසා අපි රටේ සියලු දෙනාගෙන් ඉල්ලා දසිටිනවා රටේ දියූණුව උදෙසා මේ හා සම්බන්ධ වෙන්න කියා.

 

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි Read Previous

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

අධ්‍යාපනයට ශිෂ්‍යත්ව Read Next

අධ්‍යාපනයට ශිෂ්‍යත්ව

Realted Post

Leave a comment