එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් හොරණ දික්හේනපුර බක්කුල මහා සෑ භූමි පරිශ්‍රයේදී සිදු කෙරෙන අසිරිමත් බක්කුල මහ රහතුන් වහන්සේගේ ධාතු වන්දනාව

ලබන මැයි මස 12 දින සිට 18 දින දක්වා වෙසක් කලාපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තායිලන්තයේ සඟරාජ මාහිමිපාණන් වෙතින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා බුරුම රටින් ලැබුණු උත්තම ධාතූන් වහන්සේලා ඉන්දියාවේ බරණැස ඇතුළු බෞද්ධ ස්ථානවලින් ලබා දුන් නිදන් වස්තු නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු බෞද්ධ විහාරස්ථාන වලින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසාදීම මෙහිදී සිදු කෙරේ.

වෙසක් පොහොය මුල් කරගනිමින්  ධාතු වන්දනාවට සමඟාමීව සතියක් පුරා වෙසක් පහන් කූඩු, තොරණ්, දන්සැල් සහ සත් බුදු වන්දනා පිංකම් මාලාවක් හොරණ ශීල සුව අරණ බක්කුල මහ සෑ මහා විහාර පිංබිමේදී සිදුකිරීමට නියමිතයි. 

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment