පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

‎මෙි දිරිය මව දොරණාගොඩ උඩුගමිපොළ කේ.පි.කරුණානායකයි. ඇගේ ජිවන ගමන ගැන ඇය  කියා සිටියේ මෙසේය.

‎දරු දෙන්නාත් තමාත් ජිවත්විම සදහා කිර ‎කොටුවලින්  කීර  මිලදි ගෙන පා පැදියෙන් ගම සිසාර ගොස් කීර  අළෙවි කර ලැබෙන ආදායමින් තමයි තම දරුදෙන්නාත් සමග ජිවත් වන්නේ. දරු දෙදෙනා පාසලට එක්කර ගෙන ගොස් පාසල ඇරෙන්න කලින් පාපැදියෙන් ගොස් තකිර අළෙවි කර නැවත පාසල ඇරෙන වෙලාවට පාසලට ගොස් දරු දෙදෙනාව ගෙදරට එක්කරගෙන එනව.  දිනපතා පාපැදිය  පදින්නත් අපහසුයි.ඇගට හර මහන්සියි.විඩාවත් පිපාසයත් වැඩියි.ඒ නිසා දින  දෙකකට වරක් තමයි කිර අළෙවියට යන්නෙ. කඩෙි
‎කිර මිටියක් රුපියල් අසුවකට අළෙවි කළත් මම අළෙවි කරන්නෙ රුපියල් අසුපහකට. කිර කොටුවලින් කිර මිටියක් ගන්නෙත් සැහෙන මිලකට. සුලු ලාභයක් තමයි තියෙන්නෙ.

කොහොම උනත් දිනකට ‎තරමක ආදායමක් ⁣ හොයා ගෙන රුපියල් හයසියයක හත්සියයක පමණ ලාභයක් උපයා ගන්නව.අප තිදෙනා ඉන්නේ පොඩි ගෙයක.එහි වැඩ ඉවරත් නැහැ. ජිවන ගමන යන්නේ බොහොම අමාරුවෙන් තමයි. වැරදි වැඩ නොකර ජිවත් විමත් සතුටක්.දර්මයටත් එකගනෙ. යනුවෙන්  මෙි දිරිය මව තම ජිවන ගමන ගැන  සැහිමකට පත්වෙමින් දිග සුසුමක්ද හෙලුවාය.

‎උඩුගමිපොළ එල්.ඩබිලිවි.ආරියරත්න

‎මිනුවන්ගොඩ නාලන්දා බාළිකාවෙි ලේ දන්දිමෙි වැඩසටහනක් Read Previous

‎මිනුවන්ගොඩ නාලන්දා බාළිකාවෙි ලේ දන්දිමෙි වැඩසටහනක්

සජබ  නායකගේ හුස්ම වැඩ සටහනෙන්  මහනුවර ජාතික  රෝහලට   රුධිර කාන්දුකරණ  යන්ත්‍රයක් Read Next

සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

Realted Post

Leave a comment