ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්කරගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ විශේෂ උත්සවය පසුගිය දා (2026 මාර්තු 31 වන දින) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

ආරක්ෂක සේවා මට්ටමින් පැවැති 2024/2025 වසර වල 13වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර, කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම, පිරිමි හා කාන්තා කැරම් කණ්ඩායම් සහ කාන්තා කරාතේ කණ්ඩායම විශේෂ ජයග්‍රහණ ලබා ගත්හ. එමෙන්ම ජාතික මට්ටමේ 2025 තරගාවලිවලදී හොකී (පිරිමි/කාන්තා), ජුඩෝ (පිරිමි), ජීවිතාරක්ෂක (කාන්තා), ටයිකොන්ඩෝ (කාන්තා), රග්බි (පිරිමි), බර ඉසිලීම (කාන්තා) සහ මල්ලවපෙර (පිරිමි/කාන්තා) කණ්ඩායම් විසින් සමස්ථ ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ජාත්‍යන්තර මට්ටමින් ද ගුවන් හමුදා ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් රටට ගෞරව ගෙන දුන් අතර, මාලදිවයිනේ පැවැති 2025 ලෝක කැරම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දෙවැනි ස්ථානය සහ කාන්තා කණ්ඩායම තෙවැනි ස්ථානය හිමි කර ගත්හ. එම ජයග්‍රහණ සඳහා කෝප්‍රල් කවීම් පීරීස්, කෝප්‍රල් ශහීඩ් හිල්මී, ගුවන් කාන්තා නිපුණී දිල්රුක්ෂි සහ ගුවන් කාන්තා ටස්මිලා කවින්දි ඇතුළු ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් උසස්වීම් ද ප්‍රදානය කරන ලදී. තවද, කණ්ඩායම් ජයග්‍රහණයන්ට මඟ පෙන්වූ පුහුණුකරුවන්ගේ දායකත්වය විශේෂයෙන් ඇගයූ අතර ඔවුන්ටද සම්මාන සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

 

කටට රසට කජු මද මෝජු Read Previous

කටට රසට කජු මද මෝජු

ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට Read Next

ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

Realted Post

Leave a comment