කදුලට සවියක්

මාතලේ දිස්ත්‍රික්කයට සිදුව ඇති ආපදා තත්වය හමුවේ පිඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සහන සැලසිමේ වැඩසටහනට අනුව මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන “කදුලට සවියක්“ වැඩසටහන යටතේ සහන සැලසිමේ වැඩසටහනක් මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ මධ්‍යස්ථාන තුනකදි සිදු කෙරුණි.
මකුලේමඩ ශ්‍රි නිග්‍රෝධාරාමය,පන්වත්ත ශ්‍රි බෞද්ධ දේවතාරාමය,පතිනිගොල්ල ශ්‍රි වාලුකාරාම විහාරස්ථානවල සුරක්ෂිතා මධ්‍යස්ථානවල සිටින ජනතාව වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම සිදු කෙරුණි.
බෞද්ධයා මධ්‍ය ජාලයේ සම්බෝධි සහන යාත්‍රා වැඩසටහන සහ මාතලේ දානපතින් විසින්   අදාල භාණ්ඩ ලබා දුන් අතර මෙම අවස්ථාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ  මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ නාහිමි,ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන,භාණ්ඩාගාරික සිසිර තිලකරත්න,උප සභාපති සිතුම් ජයතිලක,කාරක සභික ප්‍රසාද් බණ්ඩාර,නාගරික මන්ත්‍රි නිශාන්ත රම්පිටිය යන මහත්වරුන් එක්වි සිටියහ.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද? Read Previous

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment