ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ජාතික ගුවන් සේවය වන " වියට්නාම් එයාර් ලයින්ස් "  ,  මංගල ගුවන් යානය ( Inogaral Flight ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර (Water Salute ) පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය.

එම ගුවන් යානය තුළ ගුවන් මගීන් 164 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 172 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමය බලා පිටත්ව ගියහ.

ඒ අනුව මෙම ගුවන් යානා සෑම සතියකම දින 03 ක් , එනම් ඉරිදා , බදාදා සහ සිකුරාදා යන දින වල වියට්නාමය සහ කටුනායක ගුවන් තොටුපොළ අතර පියාසර කර වීමට නියමිත අතර එක් ගුවන් ගමන් වාරයක් සදහා පැය 04 විනාඩි 30 ක කාළයක් ගතවේ.

තිහෙන් පස්සෙ සමට වෙන දේ Read Previous

තිහෙන් පස්සෙ සමට වෙන දේ

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Next

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment