කුරුන්දිය පුරාවිද්‍යා රක්ෂිතය නැවතත් අනතුරේ

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත ඉඩම  අනවසරයෙන් වගා කිරීමට පිරිසක් කටයුතු කර ඇත.

මේ වන විට ට්‍රැක්ටරය භාවිතා කරමින් කුරුන්දි ඉදමේ බිම් සකස් කර ඇති අයුරුයි මේ.

මේ පිළිබඳව උතුරු පළාත් සංඝනායක, කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන්ගෙන් අප කළ විමසීමේදී උන්වහන්සේ වදාළේ, ආරක්ෂක පොලිස් නිළධාරීන්ගේ අණ  නොතකා දැනටමත් අක්කර භාගයක පමණ කොටසක් මේ භූමියේ මේ පුද්ගලයා කැණීම් කටයුතු කර ඇති බවයි.

අදාල පුද්ගලයාට දේශපාලන සම්බන්දකම් ඇති බවත් මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පැමිණිල්ලක් යොමු කර ඇති බවත් නාහිමියෝ පැවසූහ.

උතුරු පළාතේ අනවසරයෙන් දිගින් දිගටම මෙවන් කැණීම් සිදු වූ අතර කුරුන්දි පුදබිමට සිදු වූ හානි  සම්බන්දයෙන් ලංකාදීප Online අප මින් ඉහතදී ද අපගේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිගින් දිගටම මේ පිළිබඳ වාර්තා කරමින් විවිධ විඩීයෝ පට ගෙන ආවෙමු. 

කෙසේවෙතත් ඒකී අවස්තාවන්වලදී ඊට අදළ විමර්ශන කටයුතු සිදු වුවත් තවමත් මෙවන් සිදුවීම සිදුවන බවත්, එය කණගාටුවට කරුණක් බවත් බුද බිම් රැක ගැනීම උදෙසා දිවි හිමියෙන් කටයුතු කරන බවත් නාහිමියෝ වැඩිදුරටත් අප සමඟ පැවසූහ.

✍️ අශන්ති වරුණසූරිය

කාදිනල්වරුන්ගේ සමුළුව මැද නිකුත් වූ  රෝස පැහැ දුම Read Previous

කාදිනල්වරුන්ගේ සමුළුව මැද නිකුත් වූ රෝස පැහැ දුම

කාදිනල්වරුන්ගේ සමුළුව මැද නිකුත් වූ  රෝස පැහැ දුම Read Next

කාදිනල්වරුන්ගේ සමුළුව මැද නිකුත් වූ රෝස පැහැ දුම

Realted Post

Leave a comment