ගිලිහුන සෙනෙහස සොයා ’’වයිෆ්’’ වැඩ අරඹයි !

සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් සම්මාන  රැසකට හිමිකම් කියූ  මෝට බයිසිකල් " සමගින්  " සිහින නෙළුම් මල් " සිනමාවට තිළිණ කල යොවුන් නිර්මාණවේදී ශමීර නාඔටුන්න තිර රචනය සහ ගේය පද  ලියමින් අධ්‍යක්ෂණය කරන නවතම  නිර්මාණය " වයිෆ්" සිනමා පටයේ වැඩ කටයුතු පසුගිය දා ආරම්භ විය .  තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලාගේ ජීවන අරගලයත් , දරුවෙකු පිළිබඳව ඔවුන්ගේ  සිහිනයත්  අතර දෝලනය වන  හා ප්‍රධාන රැකියාවට අමතරව අතිරේක ආදායම් මාර්ගයක් සොයා යාමේදී මාධව මුහුණ දෙන අනපේක්ෂිත මෙන්ම සංකීර්ණ ගැටළු  හමුවේ , ඔවුන්ගේ පවුල් සංස්ථාව තුල ඇතිවන ව්‍යාකූලතා ද , නොබිදී නොගිලිහී  සිය ජීවිත , සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට දරණ අධිෂ්ඨානශීලී  මෙන්ම අනුවේදනීය වූ  උත්සාහයේ ඉරණම් කතාවයි  වයිෆ් තුලින් විවරනය වන්නේ . මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමගින් උදාරී වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන මෙහි දිනෙත් ද සිල්වා , උමා අශේනි , සුලෝචනා වීරසිංහ , වීණා ජයකොඩි , ලක්ෂ්මන් මෙන්ඩිස් , ප්‍රියන්ත සෙනෙවිරත්න ,නෙතලී නානායක්කාර , ප්‍රියන්ත ලලිත් , ටීනා ශනෙල් , රොබෙකා දිල්රුක්ෂි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්  රැසක් මේ සඳහා දායකව ඇත.වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන " වයිෆ්" කැමරාකරණයෙන්  චින්තක සෝමකීර්ති , සංස්කරණයෙන් සිතුම් සමරජීව , අංග රචනයෙන් බුවණෙක රණවක , කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත , ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි , නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාරත්න , වර්ණ සංයෝජනයෙන්  තිස්ස සුරේන්ද්‍ර , සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල , ගීත ගායනයෙන් රෝහිත ජයලත් සහ චිත්‍රාල් සෝමපාල ද , සහය  අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න නිරෝශන හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් " වයිෆ් " සමගින් එක්වී සිටී.

ඇන්ටන් ජේ ප්‍රනාන්දු

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment