ජාත්‍යන්තර සුදු සැරයටි දිනය


ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන්  මහනුවර තරුණ බෞද්ධ සංඟම් ශාලාවේ පැවති සැමරුම් උත්සවයට  ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූ මධ්‍යම පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා   ,මෙරට උපන් සෑම පුරවැසියෙකුටම සමාන අයිති වාසිකම් භුක්ති විඳිය හැකි පරිසරයක්  නිර්මාණය කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගන්නා  බව  ප්‍රකාශ කළේය, මෙම අවස්ථාවට සහභාගි වූ දෘශ්‍යාබාධිත  ප්‍රජාවගේ දෛනික ජීවිතයට සහාය වන සුදු සැරයටි ප්‍රදානයක්ද  ආණ්ඩුකාර වරයා අතින් සිදු කෙරිණි

මධ්‍යම පලාත් දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ මධ්‍යම පලාත් ශාඛාව විසින් මෙම  සුදු සැරයටි සැමරුම්  උත්සවය සංවිධානය කරන ලදි,මධ්‍යමපලාත්  දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ  සභාපති අජිත් ගමගේ ,මහනුවර ජාතික  රෝහලේ අක්ෂි තාක්ෂණවේදී නිරෝෂා රාජපක්ෂ  යන මහත්ම මහත්මීන් සහ මධ්‍යම පලාත් දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ මධ්‍යම පලාත්  දෘශ්‍යාබාධිත  සාමාජික සාමිජිකාවන්  මෙම  විශේෂ  සුදු සැරයටි සමරු  උත්සවයට සහභාගි  වූහ.

ජේ   ඒ  එල්  ජයසිංහ

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන් Read Previous

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී ශූරතාව Read Next

ඒ. ජේ. විජේසිංහ කුසලාන හොකී ශූරතාව

Realted Post

Leave a comment