ජූලි මාසයට කෙටි දින...

චන්ද්‍රයාගේ වත්මන් කක්ෂීය පිහිටීම පෘථිවියේ භ්‍රමණය සියුම් ආකාරයට වේගවත් කරන බව ඉතිහාසඥයින් පවසනවා. ඒ අනුව මේ වසරේ ජුලි මාසයේ සහ අගෝස්තු මාසයේ දී පෘථිවිය ආසාමාන්‍යය ලෙස කෙටි දිනයන් කිහිපයක් පසු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පෘථිවිය මෙතෙක් වාර්තා කළ කෙටිම දිනයන්වලින් එකක් මේ වසරේ ජූලි මස 9 වැනි දින වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ජූලි 22 සහ අගොස්තු 5 යන දිනයන්වල දී ද වේගවත් භ්‍රමණයක් සිදුවීමට නියමිත බවයි අපේක්‍ෂා කෙරෙන්නේ. ඒ මිලි තත්පර 1.30 සිට 1.6 දක්වායි.


මෙම කෙටි වෙනස්වීම මිනිසුන්ට නොපෙනෙන බව සඳහන්.

මෙසේ පෘථිවි භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගෙන් හා සූර්යයාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා, සාගර ධාරාවල වෙනස් වීම් වැනි සාධක බලපාන බවයි සඳහන් වන්නේ.

සටහන - සහශ්‍රිකා දයානන්ද

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment