දඹුල්ල බිතුසිතුවම් කෞතුකාගාරයේ අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන

දඹුල්ල බිතුසිතුවම් කෞතුකාගාරය මගින් සංවිධානය කරන අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ 6 වන මාසික දේශනය දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් පර්යේෂණ හා සංරක්ෂණ මධ්‍යස්ථානය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල දඹුල්ල ව්‍යාපෘතිය යටතේ පවත්වා තිබෙනවා. 

මෙම වැඩසටහන ව්‍යාපෘති කළමනාකාරු ලාල් දසනායක මහතාගේ මෙහෙයවීමෙන්, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ සංරක්ෂණ නිලධාරී මිත්‍රානන්ද ධර්මසිරි මහතා සහ බිතුසිතුවම් සංරක්ෂණ නිලධාරී ශාන්ත කරුණාරත්න මහතා විසින් පවත්වා තිබෙනවා. 

දේශනය සඳහා නාඋල අධ්‍යාපන කලාපයේ ශ්‍රී නාග ජාතික පාසලේ චිත්‍ර විෂය හදාරන සිසුන් සහභාගී වූ අතර, ඔවුන්ට බිතු සිතුවම් කලාව, ස්වභාවික වර්ණ පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා දී තිබුණා. 

එමෙන්ම ශ්‍රී ලාංකීය සිතුවම් කලාවේ පරිණාමය පිළිබඳ පුළුල් අවබෝධයක් දඹුල්ල ව්‍යාපෘති බිතුසිතුවම් කෞතුකාගාරය මගින් ලබා දී තිබෙනවා.

මාතලේ මහේෂ් කිර්තිරත්න 
 

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment