නේපාලයේ පැවති ජාත්‍යන්තර කාන්තා නායකත්ව සමුළුව

පසුගිය දිනෙක නේපාලයේ කත්මණ්ඩු අග නගරයෙහි පැවති 2025 ජාත්‍යන්තර කාන්තා නායකත්ව සමුළුව සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූවාය. නේපාලයේ කාන්තා ව්‍යවසායකයින්ගේ සම්මේලනය පිහිටුවීමේ 22 වන සංවත්සරය  සනිටුහන් කරමින් පැවැති මෙම සමුළුව සඳහා සාර්ක් කලාපය පුරා වෙසෙන ව්‍යවසායකයින් සහ විශේෂඥයින් රැසක් ද  සහභාගී වී සිටියහ.

මා එම සමුළුව සඳහා සහභාගී වූයේ මගේ රටේ සියළුම කාන්තාවන් මෙන්ම දකුණු ආසියාව පුරා සිටින මිලියන සංඛ්‍යාත වෙහෙස මහන්සි වී වැඩ කරන, ශක්තිමත් කාන්තාවන් නියෝජනය කරමිනි. සම්ප්‍රදායන්ගේ බර උසුලන එහෙත් නව පරිවර්තනයක් ගැන සිහින දකින කාන්තා ඔබ වෙනුවෙන් හඬක් නැගීමට මම උත්සාහ කළෙමි.

එහිදී මම දකුණු ආසියාව තුළ කාන්තා සවිබල ගැන්වීමේ වටිනාකම පිළිබඳ දේශනයක් සිදු කළ ආතර කාන්තාවන් බලගැන්වීම රටක ආර්ථික, සමාජීය සහ සදාචාරාත්මක අවශ්‍යතාවයක් බවත්, බිලියන 1.9 කට අධික ජනතාවක් ජීවත් වන දකුණු ආසියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන කාන්තාවන්  අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, දේශපාලනය සහ නවෝත්පාදනයන කටයුතු සඳහා සහභාගීත්වය සහ නායකත්වය දීම තුළින් සමෘද්ධිමත් නව කලාපීය යුගයකට ප්‍රවේශයක් ලබා දිය හැකි බවත් ප්‍රකාශ කළෙමි. 

කාන්තා නායකත්වයට පූර්වාදර්ශයක් වු, තොටිල්ල පැදවූ අතින් ආණ්ඩු කරවූ ලොව ප්‍රථම අගමැතිණිය බිහිවූයේ අපේ රටිනි. රට වෙනුවෙන් මුහදට බිලි වූ විහාර මහා දේවියගේ පරම්පරාවෙන් පැවත එන ඔබ සියල්ල දරාගෙන රට වෙනුවෙන් යුධ බිමට යාමට ඔබේ දරුවාට, ඔබේ ස්වාමියාට විවරණ ලබාදුනි. සියල්ල දරාගෙන සිනහවෙන් පිළිතුරු දෙන අපට කාන්තාවන් ලෙස බොහෝ දේ කළ හැකි බව සිහිපත් කරමින් ඔබේ සිහින පසුපස හඹා යන්නට සුබ පැතුම් පිරිනමමි. ඔබ ගෞරවණීය කාන්තාවක් බව මතක තබා ගන්නා ලෙසත්, කාන්තාවක් වීම ඔබේ සිහින සඳහා බාධකයක් නොවන බවත්  මම ඔබට සෙනෙහසින් සිහිපත් කරමි.

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’ Read Previous

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි Read Next

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

Realted Post

Leave a comment