ප්‍රතිභාවන්විත රංගන ශිල්පියෙක් දැයින් සමු ගනී


සුවහසක් රසිකයින්ගේ ආදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ඩබ්.ජයසිරි අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 77 වැනි වියේ පසුවූ බව වාර්තාවේ.
පුංචි තිරයේ සහ රිදී තිරයේ එක ලෙස දස්කම් පාමින් තමන්ගේ ප්‍රතිභාන්විතය පෙන්වූ ඔහු රංගනයේදී මෙන්ම ගීත රචනය සහ සහාය අධ්‍යක්ෂණයෙන් මෙරට කලාවට විශාල මෙහෙයක් ඉටු කර ඇත.
දුම්බරා හිනහෙන්නේ ,ආදරයේ ඔබ ඔබමයි, ආදී ජනප්‍රිය ගීත රචනා කර ඇති ඔහු ,කූඹියෝ, ඉතින් ඊට පස්සේ, රන්දම්වැල් ආදී ටෙලි නාට්‍ය නිර්මාණ වලටද දායක වී ඇත. 1973 වසරේ සිට දියමන්ති, දාහතින් එකෙක්, එයා දැන් ලොකු ළමයෙක්,බඹරු ඇවිත්, සෙලීමා, චිට්ටි, අයෝමා ආදී චිත්‍රපට වලටද මේ අසහාය  කලාකරුවාගේ දායකත්වය හිමි වී ඇත.

කොළඹ මහ නගර සභාවට නගරාධිපති ව්‍රායි... Read Previous

කොළඹ මහ නගර සභාවට නගරාධිපති ව්‍රායි...

අහමදාබාද් ගුවන් ගමනේ අනුවේදනීය කතාව... Read Next

අහමදාබාද් ගුවන් ගමනේ අනුවේදනීය කතාව...

Realted Post

Leave a comment