ප්‍රතිභාවන්විත රංගන ශිල්පියෙක් දැයින් සමු ගනී


සුවහසක් රසිකයින්ගේ ආදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ඩබ්.ජයසිරි අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 77 වැනි වියේ පසුවූ බව වාර්තාවේ.
පුංචි තිරයේ සහ රිදී තිරයේ එක ලෙස දස්කම් පාමින් තමන්ගේ ප්‍රතිභාන්විතය පෙන්වූ ඔහු රංගනයේදී මෙන්ම ගීත රචනය සහ සහාය අධ්‍යක්ෂණයෙන් මෙරට කලාවට විශාල මෙහෙයක් ඉටු කර ඇත.
දුම්බරා හිනහෙන්නේ ,ආදරයේ ඔබ ඔබමයි, ආදී ජනප්‍රිය ගීත රචනා කර ඇති ඔහු ,කූඹියෝ, ඉතින් ඊට පස්සේ, රන්දම්වැල් ආදී ටෙලි නාට්‍ය නිර්මාණ වලටද දායක වී ඇත. 1973 වසරේ සිට දියමන්ති, දාහතින් එකෙක්, එයා දැන් ලොකු ළමයෙක්,බඹරු ඇවිත්, සෙලීමා, චිට්ටි, අයෝමා ආදී චිත්‍රපට වලටද මේ අසහාය  කලාකරුවාගේ දායකත්වය හිමි වී ඇත.

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Previous

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment