පුංචි ඡන්දෙට ඉදිරිපත් වූ සුදු නෝනා ප්‍රතික්ෂේප වෙයි

 

ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් ජොර්ජියානු  කාන්තාවක් වන මායා  බෙනන්සා) විසින් මාතලේ, ගලේවෙල ප්‍රදේශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇත. මේ අනුව, විදේශීය සම්භවයක් සහිත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයකට තරඟ කිරීමට ගත් ප්‍රථම උත්සාහය අසාර්ථක වී ඇත.

"සුදු නෝනා" ලෙස හඳුන්වනු ලබන මෙම කාන්තාව, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂිකාවක් ලෙස තරඟ කිරීමට නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.

2025 මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඇය මේ සතියේ මුල් භාගයේදී මැතිවරණ තැන්පතුව තබා තිබූ අතර,  නාමයෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, තමා මූලික මට්ටමේ සිට වෙනස්කම් ගෙන ඒම සඳහා මැතිවරණයට තරඟ කරන බවයි. "අපි වෙනසක් ගෙන ඒමට කැමතියි, සහ අපට වෙනසක් කළ හැකි බව අපි විශ්වාස කරනවා" යැයි ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

"සුදු නෝනා" ලෙස හඳුන්වනු ලබන මෙම කාන්තාව තමා වැඩකරන ජනතාව නියෝජනය කරන බවත්, තමාගේ අරමුණ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරීන් සහ පහළ මට්ටමේ ජනතාව අතර පරතරය පියවීම බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. ඇය ප්‍රදේශීය අධිකාරීන් සහ මහජනතාව අතර 'සේතුවක්' වීමට අදහස් කරන බව ද ඇය පවසා ඇත.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment