පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ අගමැතිතුමියගේ අවධානය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 

 

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත  ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමග නොවැම්බර් 24 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය. 

 මෙහිදී  මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම,  පෙර පාසල් ගුරුවරුන්  සඳහා විධිමත්  පුහුණුවක්  ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය. 

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමෙි වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධිකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. 

  මුල් ළමාවිය අධ්‍යාපනය  පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව විෂය මාලාවක් සකස් කිරීම, පෙර පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම,  පෙර පාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටළු හා පෙරපාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා විය. 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ප්‍රණීත රසවත් තේකක් හදාගන්න ටිප්ස් Read Previous

ප්‍රණීත රසවත් තේකක් හදාගන්න ටිප්ස්

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද? Read Next

මී පැණි ඇත්තටම සෞඛ්‍යයට හොඳද? සීනිට වඩා හොඳ තේරීමක්ද?

Realted Post

Leave a comment