බෙරවාදනයෙන් දස්කම් දැක්වු මාතලේ පිය පුතු දෙපළ

මෙවර ඇසළ පෙරහර මංගල්‍යෙය්දි නර්තනයෙන් හා බෙරවාදනයෙන් දක්ෂකම් දැක්වු මාතලේ පිය පුතු දෙපළක් ජනාධීපති සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මාතලේ සිහල නර්තන රංගායතනාධිපති ප්‍රවිණ නර්තන ශිල්පි නිශාන්ත රම්පිටිය මහතා සහා ඔහුගේ පුත් වන  සසිදු රම්පිටිය බෙරවාදනයෙන්  මෙසේ ජනපති සම්මානයෙන් පුද ලැබුවා.

නිශාන්ත රම්පිටිය මහතා වසර 30කට වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යෙය් නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර හිටපු ජනාධිපතිවරුන් අතින්ද සම්මාන ලබා ගෙන තිබෙනව්

ඔහු මාතලේ ප්‍රදේශයේ සිටින ප්‍රවිණ නර්ත ශිල්පියෙකු වන අතර ඔහු ගොප් කලා නිර්මාණයේහිද හසල දැනුමක් ඇති අයෙක්. 

ඔහු වර්තනමානයේදි මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසදහ කටයුතු කරනවා.

සසිදු රම්පිටිය මේ වන විට ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය අවසන් වසරේ හදාරමින් සිටින අතර තරුණ දක්ෂ ගැටබෙර වාදන ශිල්පියෙක්.

මාතලේ මහේෂ් කිර්තිරත්න

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Previous

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment