බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 20 ක පරිත්‍යාගයක්

දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආපදාවට ලක්වූ බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කිරම විමලජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පසුගිය දා රුපියල් මිලියන 20 ක පරිත්‍යාගයක් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය භාරකාර පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත ස්වාමින්වහන්සේ සහ පූජ්‍ය ඇඹිලිපිටියේ ජනානන්ද ස්වාමීන්වහන්සේ ද  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Previous

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment