මාතලේ මරණ් 20ක් අතුරුදහන් වීම් 10ක් - මාතලේ කඩිනමින් පිළිසකර කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික  තත්ත්වය හේතුවෙන් තිහදා උදෑසන වන විට ජීවිත හානි විස්සක් සිදුව ඇති බවත්  පුද්ගලයින් දස  දෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා ඊයේ(30) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුක පැවසිය .

දිසාපතිවරයා කියා සිටියේ මියගිය පිරිස් අතර රත්තොට ප්‍රාදේශීය ලේකම් 05, කොට්ඨාශයේ අඹංගගකෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 04, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 06, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  01පල්ලෙපොල  ප්‍රාදේශීය ලේකම් 04 වශයෙනුත් ආපදා හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින්ගෙන් හයදෙනෙකු මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අය බවය.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස එකොළහේම පවුල් 2905ක් පුද්ගලයින් 10167 පීඩාවට පත්ව ඇති අතර සුරක්ෂතා මධ්‍යස්ථාන 43ක පුද්ගලයින් 1105 ප්‍රමාණයක් රඳවා ඇති බවද නිසා දිසාපතිවරයා  පැවසීය.

ආපදා හේතුවෙන් තිදෙනෙකු  තුවාල ලබා රෝහල් ගතව ඇති බවද වාර්තා  වේ.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක නාය යෑම හා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇතැයි අතර යථා තත්ත්වයට පත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ වන විටත් සිදු කෙරේ.

අදාළ සහන කටයුතු සිදු කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් ගේ  මැදිහත්වීම මත මේන විටත් සිදු කරන බවද දිසාපතිවරයා වැඩිදුරටත්පැවසීය. 
මාතලේ නගරයට ප්‍රවේශ හැකි මාර්ග කිහිපයක් මේ වන විටත් යථා තත්ත්වයට පත් කරමින් ඇති බවත් ඉන්ටනෙ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මාතලේට ප්‍රවාහනය කර  ගැනීම සඳහා මාර්ග කඩිනමින් සකස් කරන බවද දිශාපතිවරයාපැවසීය.
මේ විට සුරක්ෂතා මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍යය ‍ද්‍රව්‍ය ලබාදීම සිදු කරන බවත් සංවිධාන ඇතුළු පරිත්‍යාගශීලීන්ගෙන්  අදාල භාණ්ඩ ලබා දෙන ලෙසද දිසාපතිවරයා ඉල්ලීමක් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්දඅමරවීර,ජාතික ගොඩනැගිලි  පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ,මාතලේ අතිරේක දිසා ලේකම් ආර්.රියාල්දින්.සැලසුම් අධ්‍යක්‍ෂි අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ .

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Previous

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Next

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

Realted Post

Leave a comment