මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට නිෂ්පාදනයක් වන 'මිසින් ත්‍රෙඩ්ස්' (Missing Threads) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කොට තිබේ. 

'මිසින් ත්‍රෙඩ්ස්' චිත්‍රපටය 'සොඩියැක්' (Zodiac) සහ 'සෙවන්' (Se7en) වැනි චිත්‍රපටවලට සමානත්වයක් පෙන්නුම් කරන ගවේෂණාත්මක අපරාධ හා ත්‍රාසය මුසු වූ සිනමා නිර්මාණයකි. වර්ඩියෝන්' (Verdeon) නම් මහා පරිමාණ සමාගමක් වටා ගොතන ලද වංචාවන්ගේ අගමුල සොයා යන මාධ්‍යවේදිනීයක වන මායා පෙරේරාගේ ගවේෂණය මෙම සිනමාපටයේ තේමාවයි. එහිදී ඇය අනාවරණය කරගන්නා තොරතුරු, අවසානයේ මුළු රටෙහිම අභ්‍යන්තර කටයුතු පිළිබඳ භයානක සත්‍යයන් හෙළිදරව් කරන ත්‍රාසජනක ගමනක් කරා ඇයව රැගෙන යයි. 

මෙය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රාහී අවස්ථාවක් වන අතර ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවේ හොලිවුඩ් ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය වනු ඇත. මෙමඟින් විදේශ සබඳතා තවදුරටත් ශක්තිමත් වීමටත් සිනමා කර්මාන්තයේ ව්‍යාප්තියට සහ පුළුල් ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමටත් මංපෙත් විවර වනු ඇත. 

 මෙම 'මිසින් ත්‍රෙඩ්ස්' චිත්‍රපටය සඳහා කෞශල්‍යා ප්‍රනාන්දු (ද ෆෝසෙකන් ලෑන්ඩ්), බුද්ධික ජයරත්න (සනීස් මැන්ෂන්), ධර්මප්‍රිය ඩයස් (මචං) සහ ශ්‍යාම් ප්‍රනාන්දු (පැරඩයිස්) ඇතුළු දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙති. එමෙන්ම මෙහි ප්‍රධාන භූමිකාවනු නිරූපණය කරනු ලබන්නේ ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකීය නිළි රෙබෙකා මුණසිංහ සහ ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන "නීෂ්" (Neesh) විසිනි. 'පවර් වර්ල්ඩ් ජිම්ස්' (Power World Gyms) සහ 'ඇජ් නියුට්‍රිෂන්' (Edge Nutrition) හි නිර්මාතෘ තලවූ අලෙයිලීමා විසින්  'මිසින් ත්‍රෙඩ්ස්' නිෂ්පාදනය කරනු ලබයි.

මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ ජොෂුවා අලෙයිලීමා මේ වන විට ඇමරිකාවේ ප්‍රමුඛතම සිනමා විශ්වවිද්‍යාලයක් වන බයෝලා විශ්වවිද්‍යාලයේ (Biola University) අධ්‍යාපනය ලබයි. ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයේ අවධානය දිනාගත්  'ඩොක්ටර් ස්ට්‍රේන්ජ්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ස්කොට් ඩෙරික්සන් සහ ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය තරුවක් වන සැක් කින්ග් ද එම විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් අතර වේ.
ජොෂුවා සිය නව යොවුන් වියේ සිටම චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි නිරතව සිටියි. මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවන ඔහු සිය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටින අතර, එය හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව අතිශය දුර්ලභ දක්ෂතාවයක් ලෙස සැලකේ.

'මිසින් ත්‍රෙඩ්ස්' නව සිනමා නිර්මාණය සඳහා ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් පැමිණි ජාත්‍යන්තර කාර්ය මණ්ඩලයක් එක්වී සිටියි. මෙහි අවසන් නිෂ්පාදන අදියර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සිදු කරන අතර. 'ඩූන්' (Dune) චිත්‍රපටය රූගත කිරීම සඳහා ද භාවිත කරන ලද 'Arri Alexa LF' වර්ගයේ කැමරාවෙන් මෙම චිත්‍රපටය රූගත කරනු ලැබේ. දැනට ශ්‍රී ලංකාවේ ඇත්තේ එවැනි වර්ගයේ එකම එක කැමරාවක් පමණි.

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Previous

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් Read Next

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක්

Realted Post

Leave a comment