මොරටුවට ලාදුරු බියක්

මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී  තිබෙනවා. ඉන් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. 

මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද යොමු කර ඇති බව සඳහන් කළ එම කාර්යාලය තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බවයි පවසන්නේ. 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමටුවේදී රෝගීන්ගේ වැඩිවීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ලංකාදීප වෙබ අඩවවිය වැඩිදුරටත් කළ විමසීමේදි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් එසේ පවසා තිබෙනවා.

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින් 

සමන්තභද්‍ර හිමි මෙල්බන් නුවරට Read Previous

සමන්තභද්‍ර හිමි මෙල්බන් නුවරට

මේක ඔළුවේ තියෙනතාක් මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැතුව ඉදිවී - පූජ්‍ය කත්නොරුවේ හිමි Read Next

මේක ඔළුවේ තියෙනතාක් මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැතුව ඉදිවී - පූජ්‍ය කත්නොරුවේ හිමි

Realted Post

Leave a comment