රෝහල් ගතකරන විටත් ඇය මිය ගිහින්ලු...

ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති සුන්දර  තාරකාවක්...

මේ කියන්න යන්නේ ඇය ගැන ඇසුනු සංවේදී පුවතක් ගැනයි. 

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඇය 42 වැනි වියේ පසු වූවා. 

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව ඇයගේ සැමියා විසින් රෝහල් ගතකර තිබුණා. 

නමුත් අවාසනාවකට  ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

සටහන -  කසුනි විජේසිංහ

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’ Read Previous

’’ඔබේ ආදරණීය බලාපොරොත්තුව - රැකගැනීමේ වගකීම අපි ආදරෙන් වැළඳ ගන්නෙමු’’

ටී ෂර්ට් එක ලස්සන  නිර්මාණයක් කරමුද Read Next

ටී ෂර්ට් එක ලස්සන නිර්මාණයක් කරමුද

Realted Post

Leave a comment