ලොවම දැනගත් අනියම් පෙම

බොස්ටන් නුවර කෝල්ඩප්ලේ ප්‍රසංගය අතරතුරේ එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් වූ ආකාරය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත්  ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
 එහි සිටින පිරිමි පුද්ගලයා ඇස්ට්‍රෝනොමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඇන්ඩි බයිරන්ය. ඔහු වැළඳගෙන සිටින කාන්තාව වන්නේ  එම සමාගමේම මානව සම්පත් අංශයේ ප්‍රධාන නිලධාරිණියයි. 

මෙම වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම ඇස්ට්‍රෝනොමර් සමාගම බයිරන්ව අනිවාර්ය නිවාඩු යවා ඇති බවද සඳහන් වෙනවා.

කෙසේ හෝ ඇන්ඩි බයිරන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව එම සමාගම පවසා තිබෙනවා. එමෙන්ම එම සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි තාවකාලිකව එහි ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පත් කර තිබෙනවා.

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment