ලෝකප්‍රසිද්ධ රෙගේ ගායකයෙක් දිවයිනට

ලෝකයේ ජනප්‍රිය "රෙගේ" සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප‍්‍රසංගයක් පැවැත්වීම සදහා අද (16) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි වනවා.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුද සමග අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

ඇල්ෆා බ්ලොන්ඩි කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19වැනිදා සවස සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි. 

ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවා.

මාර්ක් සකර්බර්ග්: ඩිජිටල් යුගයේ නව යුගකාරකයා සහ ලෝකය යා කළ මිනිසා Read Previous

මාර්ක් සකර්බර්ග්: ඩිජිටල් යුගයේ නව යුගකාරකයා සහ ලෝකය යා කළ මිනිසා

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment