විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

විදේශයන් රැසක විවිධ භාෂාවන්ගෙන්  නිර්මාණය වූ ධර්ම යුද්ධය කතා මාලාවේ තෙවැන්න මෙරට නිර්මාණය කිරීමේ මූලික කටයුතු පසුගියදා ආරම්භ විය. 

අපරාධයක් සිදුකර කිසිදා වසන්වී සිටිය නොහැකියි යන්න ලෝක ධර්මතාවයයි. ."මට මගේ පවුල තමයි මගේ මුළු ලෝකයම .එයාලා වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට මා දෙපාරක් හිතන්නේ නෑ. ඒ වෙනූවෙන් ඕනෑම සීමාවක් තරණය කිරීමට මා සූදානම් " හරිස්චන්ද්‍ර මේ මොහොතේද සිතන්නේ එලෙසමයි. නමුත්, හරිස්චන්ද්‍ර ගේ සූක්ෂම දක්ෂතාවය නිසාම බොහෝ සාක්ෂීන් ඔහු විසින්ම සඟවාලීම හේතුවෙන් නිවැරදි  සාක්ෂි සොයා ගැනීමට විමර්ශන  නිළධාරීන් අසමත් වූවත්, නව මානයකින් හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන මෙම විමර්ශන කටයුතු නැවතත් ඉදිරියට ගෙන යන අයුරු " ධර්ම යුද්ධය - 3" චිත්‍රපටය තුළින් පිළිබිඹු කෙරේ. ධර්ම යුද්ධය  චිත්‍රපට මාලාවේ පළමු වැන්න 2017 වසරේදීත්, දෙවැන්න 2026  වසරේදීත් මෙරට තිරගත වූයේ සිංහල සිනමාවේ නව ආදායම වාර්තා තබමිනි. 

දෙවන කොටස සඳහා රංගනයෙන් දායක වූ  බිමල් ජයකොඩි,දිල්හානි අශෝකමාලා,තිසුරි යුවනිකා, විනුම් වින්සදී, කුසුම් රේණු, ඩග්ලස් සිරිවර්ධන , කුමාර තිරිමාදුර ,කලණ ගුණසේකර , අශාන් ඩයස්, හර්ෂිකා රත්නායක,මැල්කම් මචාඩෝ, චාමි සේනානායක  වැනි චරිතයන්ට  අමතරව තුන්වැන්න සඳහා රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ , ශ්‍රියන්ත මෙන්ඩිස් , මොරීන් චාරුණී, ඉසංකා ජානවී,උදයන්ති කුලතුංග , සූර්යා දයාරුවන්, දසුනි නවෝද්‍යා,විරාජ් පෙරේරා,කිංස්ලි ලෝස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත . මහරාජා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක්  ලෙසින් තිරයට එක්වන "ධර්ම යුද්ධය -3 " චිත්‍රපටය  අරුණ  ජයවර්ධන ගේම  අධ්‍යක්ෂණයක් වන අතර,  අනුවර්තනීය තිර රචනයෙන් සහ නිර්මාණ සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා එක්වී ඇත.

විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි,රේඛීය නිෂ්පාදනයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක ,  කැමරා අධ්‍යක්ෂණයෙන්  චන්න දේශප්‍රිය , නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් මංජුල යටවතුර ,  සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන්  ශාන් අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න ,  නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක ,  කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම ,ශබ්ද සැලසුම්කරණයෙන්  සශික ගිම්හාන් පෙරේරා , අංග රචනයෙන් ප්‍රියංක රත්නායක ,  පසුබිම් සංගීතයෙන් කේෂාන් පෙරේරා , ඇඳුම් නිර්මාණයෙන්  නිවර්තනා මාන්නගේ,   දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන්  අංජන ගජනායක , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි ඇතුළු විශාල රංගන හා තාක්ෂණික ශිල්පීන් පිරිසක් ධර්ම යුද්ධය- 3 සමගින් එක්වී සිටී.ලබන වසරේ මෙය තිරගත කිරීමට සැලසුම් කර ඇත.


ඇන්ටන් ජේ ප්‍රනාන්දු

 

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment