වවුනියාවේ ලැව් ගින්න ගුවන් හමුදාව මැඩගත් අයුරු

වවුනියාව, පුරවසම්කුලම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම සමත් විය.

පුරවසම්කුලම පොලිස් ස්ථානයෙන් ලැබුණු දැනුම්දීමකට අනුව, ගින්න ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම පුරවසම්කුලම ප්‍රදේශයට ළඟා වී ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

ගුවන් හමුදාවේ මෙම කඩිනම් මැදිහත්වීම හේතුවෙන්, ආසන්නයේ පිහිටි වන රක්ෂිතයට මෙන්ම වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවීමට තිබූ දැඩි හානිය අවම කර ගැනීමට හැකි විය.

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක් Read Previous

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක්

White Shine Imali Read Next

White Shine Imali

Realted Post

Leave a comment