ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් උමංදාවට

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ඔහුගේ බිරිද, නුවර සහකාර මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස් ඇතුළු දූත පිරිසක්  පසුගිය දා උමංදව බෞද්ධ විශ්ව ගම්මානයේ සංචාරයක යෙදුණු අයුරු.

මැණික් වෙහෙර, සැතපෙන මෙතේ බුදුන් ප්‍රතිමාවේ උමං විහාරය වැඳ පුදාගත් ගෙන ඉන්දියානු ආධාර යටතේ ප්‍රදනය කෙරුණු සූර්‍ය පැනල පද්ධතිය ද ඔවුන් නිරීක්‍ෂණය කළේය.

සිරි සමන්තභද්‍ර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක යෙදෙමින් ඉන්දියානු රජය හා ඒකාබද්ධව කෘෂිකාර්මික ව්‍යාපෘති ගණනාවක් ඉදිරියේදී සිදු කිරීමට එකඟතාවය පළ කළේය.

අනතුරුව සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ විසින් උමංදාවේ ඉදිකෙරුණු EV Fast Charging Station විවෘත කරනු ලැබිණි.

එමෙන්ම  උමංදාවේ අවට ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන දිසාපාමොක් හිංදී ඇකඩමියෙහි ඉගෙනුම ලබන, ඉන්දියානු රජය විසින් පවත්වන "ප්‍රාථමික් හින්දී" විභාගය ඉහලින් සමත් වූ සිසුන් ද සහතිකපත්‍ර ලබා ගත්හ.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Previous

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment